Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා පිලට පළඟ ශූරතාව

ශ්‍රී ලංකා පිලට පළඟ ශූරතාව

යොහාන් භාසුර - 2019 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ඉංචියොන්හිදී අද (24) අවසන් වූ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපීය රග්බි පිරිමි තරගාවලියේ පළඟ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා රග්බි පිල සමත් විය. පළඟ ශූරතා අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 14-7 කින් මැලේසියාව පරාජය කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිල එහිදී ගෝල දෙකකින් ලකුණු රැස්කළ අතර මැලේසියාව ගෝලයක් පමණක් සාර්ථක කරගත්තේය.

මෙවර (2020) ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේදී පැවැත්වීම නිසා ආසියානු කලාපයේ ප්‍රබලතම රග්බි කණ්ඩායම වන ජපානය සත්කාරක යන පදනම යටතේ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා සිටියේය.

කුසලාන ශූරතා අවසන් මහ තරගයේදී සත්කාරක දකුණු කොරියාව ලකුණු 12-7 කින් හොං කොං පරාජය කරමින් ආසියානු කලාපයෙන් ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමට සමත් විය.  

ශ්‍රී ලංකා පිල පළඟ ශූරතා අවසන් පූර්ව තරගයේදී ලකුණු 40-0 කින් ඇෆ්ගනිස්තානය පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.  

ශ්‍රී ලංකා පිල අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකුණු 17-24 කින් පිලිපීනය හමුවේ පරාජය වීමෙන් පළඟ ශූරතාවට ඇද වැටුණි.
 
ශ්‍රී ලංකා පළමු වටයේ තරග දෙකේදී ඇෆ්ගනිස්තානය ලකුණු 26-5 ක් ලෙස පරාජය කළ අතර දකුණු කොරියාව හමුවේ ලකුණු 4--7 කින් පරාජයට පත්විය.  


අදහස් (0)

ශ්‍රී ලංකා පිලට පළඟ ශූරතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.