Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා පිලට දඟ පන්දු යවන්නියන් සිවුදෙනෙක්

ශ්‍රී ලංකා පිලට දඟ පන්දු යවන්නියන් සිවුදෙනෙක්

යොහාන් භාසුර - 2020 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හත්වැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ඕස්ට්‍රලියාවට එරෙහිව හෙට (24 වැනිදා) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා පිලට තවත් දඟ පන්දු යවන්නියක් කැඳවීමට සූදානමින් සිටියි.

පර්ත්හිදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 ට ආරම්භ වීමට නියමිතය.

නවසීලන්තයට එරෙහිව සහභාගි වූ පළමු තරගයේදී ශ්‍රී ලංකා පිල වේග පන්දු යවන්නියන් තිදෙනකු සමඟ තරගයට සහභාගි වූවද ඕස්ට්‍රේලියාවට එරෙහිව දඟ පන්දු යවන්නියන් සිවුදෙනකු සමඟ තරගයට පිවිසීමට තීරණය කර තිබේ.

ශෂිකලා සිරිවර්ධන, චමරි අතපත්තු සහ සුගන්දිකා කුමාර යන දඟ පන්දු යවන්නියන්ට අමතරව සත්‍යා සංදීපනී හෝ උමේෂා තිමේෂනී කණ්ඩායමට ඇතුළත් වීමට නියමිතය.

නායිකා චමරි අතපත්තු විස්සයි20 තරගයකදී ඕවර හතරම ක්‍රියාත්මක කළ ද ඇය කණ්ඩායමට ඇතුළත් වන්නේ ආරම්භක පිතිකාරිය ලෙස වන අතර ඒ හේතුවෙන් පහසුවෙන් අතිරේක දඟ පන්දු යවන්නියක් කණ්ඩායමට ඇතුළත් කිරීමේ අවස්ථාව තිබේ.
 
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසුවේ අද පෙරවරුවේ තණතීරුව පරීක්‍ෂා කර සත්‍යා හෝ උමේෂා දෙපළගෙන් කෙනෙකු තෝරාගන්නා බවයි.

“අනිවාර්යෙන්ම වේග පන්දු යවන්නියක් ඉවත් වෙනවා. ඕස්ට්‍රේලියාවේදී කණ්ඩායමට වේග පන්දු යවන්නියන් තිදෙනකු සමඟ ක්‍රීඩා කිරීම එතරම් ඵළදායි තීරණයක් වෙන්නෙ නෑ. ඒ නිසා එම වෙනස කළ යුතුයි” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
 
උදේෂිකා ප්‍රබෝදනී, අචිනි කුලසූරිය සහ අමා කාංචනා වේග පන්දු යවන්නියන් ලෙස නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කළ අතර අද තරගයේදී අචිනි කුලසූරියට ස්ථානය අහිමිවීමට බොහෝ දුරට ඉඩ තිබේ.


අදහස් (0)

ශ්‍රී ලංකා පිලට දඟ පන්දු යවන්නියන් සිවුදෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.