Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ කටක් ප්‍රාන්තයේ ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකටම එහි කණ්ඩායම් ඉසව්වේදී 8 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
පිරිමි කණ්ඩායම් ඉසව්වේ 7 වැනි සහ 8 වැනි ස්ථාන සඳහා පැවැති තරගයේදී 3-0 ක් ලෙස වේල්සය හමුවේ පරාජය වීම නිසා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමත්, කාන්තා කණ්ඩායම ඉසව්වේ 7 වැනි සහ 8 වැනි ස්ථාන සඳහා පැවැති තරගයේදී 3-0 ක් ලෙස ඕස්ටේ්‍රලියාව හමුවේ පරාජය වීම නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමත් 8 වැනි ස්ථානය දක්වා ඇද වැටිණ.
සුපිරි අට දෙනාගේ වටයටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම එහිදී වේල්සය හමුවේ තරග 3-1 ක්, ඉන්දියාව හමුවේ වට 3-0 ක් සහ මැලේසියාව හමුවේ වට 3-0 ක් ලෙස පරාජයට පත්විය.
සුපිරි අට දෙනාගේ වටයටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහිදී සිංගප්පූරුව හමුවේ හමුවේ වට 3-0 ක්, එංගලන්තය හමුවේ වට 3-0 ක් සහ ඕස්ටේ්‍රලියාව හමුවේ වට 3-0 ක් ලෙස පරාජයට පත්විය.
පිරිමි තරග ප්‍රතිඵල
ඕස්ට්‍රේලියාව විසින් තරග 3-0 කින් ශ්‍රී ලංකාව පරාජය කරන ලදී.
■ හැමින්ග් හූ විසින් වට 3-2 ක් ලෙස නිර්මල ජයසිංහ පරාජය කරන ලදි. (12/10, 8/11, 8/11, 11/8, 11/5)
■ ඬේවිඞ් පවර් විසින් වට 3-0 ක් ලෙස ක්‍රිෂාන් වික්‍රමරත්න පරාජය කරන ලදි. (11/5, 12/10, 11/6)
■ ඩිලෝන් කැම්බර්ස් විසින් වට 3-1 ක් ලෙස රොහාන් සිරිසේන පරාජය කරන ලදි. (11/6, 5/11, 11/8, 11/4)
කාන්තා තරග ප්‍රතිඵල
වේල්සය විසින් තරග 3-0 කින් ශ්‍රී ලංකාව පරාජය කරන ලදී.
■ ඇනා හර්සි විසින් වට 3-0 ක් ලෙස ඉෂාරා මධුරංගි පරාජය කරන ලදි. (11/5, 11/5, 14/12)
■ චැරියට් කේරි විසින් වට 3-1 ක් ලෙස බිමන්දි බණ්ඩාර පරාජය කරන ලදි. (6/11, 11/6 11/3, 11/2)
■ ලාරා විටන් විසින් වට 3-1 ක් ලෙස චමත්සරා ප්‍රනාන්දු පරාජය කරන ලදි. (11/3, 11/8, 8/11, 11/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.