Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව 2021 සාග් සත්කාරත්වය ඉල්ලයි

ශ්‍රී ලංකාව 2021 සාග් සත්කාරත්වය ඉල්ලයි

යොහාන් භාසුර - 2019 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු ක්‍රීඩා සංගමය සංවිධානය කරන 14 වැනි සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට පවරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශය ඉල්ලීමක් කර තිබේ. මෙම ක්‍රීඩා උළෙල 2021 වසරේදී පැවැත්වීමට නියමිතය.  

නේපාලයේදී පසුගිය 9 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැති දකුණු ආසියානු ක්‍රීඩා සංගමයේ විශේෂ රැස්වීමේදී එයට සහභාගි වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම මෙම ඉල්ලීම කර තිබේ.

එම සත්කාරත්වය ලැබුණ හොත් ශ්‍රී ලංකාව සහ මාලදිවයින එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නියෝජිතයන් යෝජනාකර තිබේ. ඒ අනුව පාපන්දු, වෙරළ වෙලිබෝල් සහ වෙරළ කබඩි වැනි තරග මාලදිවයිනේ පැවැත්වීමට යෝජනා වී තිබේ.

මීළඟ සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරත්වය නිලවශයෙන් පාකිස්තානයට හිමිවිය යුතු අතර පාකිස්තානයේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් පැවතීම මෙම නව යෝජනාවට හේතු වී තිබේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව 2021 සාග් සත්කාරත්වය ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.