Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක්

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක්

editorial - 2019 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ ඉමෙයිෂාන් නුවරදී දැන් පැවැත්වෙන 08 වන ලෝක කුංග්ෆු (වූෂූ) ශූරතා තරගාවලියේදී රන් පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ පැතුම් පූර්ණ වැන්කියුලන්බර්ග් සමත්විය. මෙම රන් පදක්කම් දෙකත් ඇතුළුව තරගාවලියේ පළමු දින දෙකේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනාගත් පදක්කම් සංඛ්‍යාව 7 කි.

තරගාවලියේ ආරම්භක දිනය වූ 16 වැනිදා (ඉරිදා) වයස 18 න් පහල ‘සී’ කාණ්ඩයේදී තරගවැදුණ පැතුම් පූර්ණ ‘නැන්ගුන්’ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත්තේය. අනතුරුව අද (17 සඳුදා) පැවති ‘නැන්චුවාන්‘ ඉසව්වෙන්ද රන්පදක්කමක් දිනාගන්නට පැතුම් සමත් විය.

ශ්‍රී ලාංකික ක්‍රීඩක මංජුල මනීක රත්නායක නැන්ගුන් ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තේය.
‘නන්දාඕ’ ඉසව්වේදී ඩිහේන් වින්දිව් ටිකිරිහැන්නදිගේද ‘චංචුවාන් ’ ඉසව්වෙන් කෞෂල්‍යා කාවින්දා ද, ‘තායිජී ජියෑන්’ ඉසව්වෙන් චෙනුර දිසානායකද, ‘ගුන්ෂු ’ ඉසව්වෙන් රවිදු චානුකද සී කාණ්ඩයේ ලෝකඩ පදක්කම් දිනාගත්හ.

8 වැනි ලෝක කුංග්ෆු ශූරතාවලිය අද සහ හෙට පැවැත්වෙන අතර මෙම තරගාවලිය සඳහා ලෝකයේ රටවල් 48 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 4000 කට අධික පිරිසක් සහභාගි වෙති.


අදහස් (0)

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.