Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහලට මුල් ඉනිමේ ජයක්

ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2020 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සහ පිළියන්දල මැදි විදුහල අතර කෝට්ටේ සී.එම්.එස්. ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සමත් විය.

එහිදී ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහලේ ජෝසප් ජයසුන්දර (57) සහ ගිහාන් බොතේජු (86) අර්ධ ශතක ලබාගත් අතර පිළියන්දල මැදි විදුහලේ චමෝද් සඳරු 140 කට කඩුලු 12 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල් පළමු ඉනිම - ඕවර 55.2 කදී සියලු දෙනා දැවී 191
(ජෝසප් ජයසුන්දර 57, චමෝද් සුපුන් 44, ආකාෂ් කුමාර 23, චමෝද් සඳරු 70/6, සඳුන් අබේවර්ධන 53/3)

පිළියන්දල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 39.3 කදී සියලු දෙනා දැවී 136
(නෙත්ම අෂේන් 54, ජමිත් දිල්ෂාන් 28, චමෝද් සුපුන් 28/3, බියංග පෙරේරා 34/3, සම්පත් නිස්සංක 21/2)

ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 57 කදී සියලු දෙනා දැවී 215
(ගිහාන් බොතේජු 86, ආකාෂ් කුමාර 41, උදාර නිස්සංක 34, චමෝද් සඳරු 70/6, සඳුන් අබේවර්ධන 35/3)

පිළියන්දල මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 36 කදී කඩුලු 5 ක් දැවී 205
(ආකාෂ් අකලංක නොදැවී 40, ජමිත් දිල්ශාන් 34, සසංක කුලරත්න 35, ලිසුක දිම්සර 49/3, චමෝද් සුපුන් 38/2)

-036


අදහස් (0)

ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.