Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රීමත් ජෝන් ටාබට් ශූරතාවලියට 17,000 ක්

ශ්‍රීමත් ජෝන් ටාබට් ශූරතාවලියට 17,000 ක්

editorial - 2019 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නැගී එන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා උචිත වේදිකාවක් රටේ සැකසීමේ අරමුණින් පැවැත්වීමට නියමිත 89 වැනි ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා උලෙල මේ මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා දින දර්ශනයේ ප්‍රමුඛතම ශූරතාවලියක් වන මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 17,000 කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය.

තරගාවලිය සිලෝන් බිස්කට් සමාගමෙහි අනුග්‍රහයෙන් සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  සන්නාම අනුග්‍රහය රිට්ස්බරි චොකලට් වෙතිනි.

ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට වයස අවුරුදු 16 න් පහළ , 18 න් පහළ සහ 20 න් පහළ වයස් කාණ්ඩවල තරඟකරුවෝ සහභාගි වෙති. මේ අතර මහනුවර, වෙන්නප්පුව සහ මාතර දි පැවැත්වෙන කලාපීය තරගාවලිය සඳහා සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කණිෂ්ඨ ශූරතාවලියේ වයස අවුරුදු 12 න් පහළ, 13 න් පහළ, 14 න් පහළ සහ 15 න් පහළ වයස් කාණ්ඩ යටතේ පැවැත්වීමට නියමිත අවසන් මහා තරඟය වලට සහභාගි විය හැකිය.


....


අදහස් (0)

ශ්‍රීමත් ජෝන් ටාබට් ශූරතාවලියට 17,000 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.