Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙළඳ සේවා ‘බී’ තරග ඔක්: 5 දා සිට

වෙළඳ සේවා ‘බී’ තරග ඔක්: 5 දා සිට

රොෂාන් ගුණරත්න - 2019 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තෙවැනි වරටත් “ෆෙයාර් ඇන්ඞ් ලව්ලි මෙන්” අභියෝගතා කුසලාන සඳහා පැවැත්වෙන වෙළඳ සේවා ‘බී’ කොටසේ ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. වෙළද සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සදහා කණ්ඩායම් 7 ක් තරග වැදීමට නියමිතය.

පසුගිය තරගාවලියට සහභාගීවූ කණ්ඩායම් අතරින් යුනිලීවර් ශ්‍රී ලංකා, සී.ඩී.බී, හැටන් නැෂනල් බැංකු ‘ඒ’ සහ සිංගර් ශ්‍රී ලංකා ‘ඒ යන කණ්ඩායම් 4 මෙවර තරගාවලියටද එක්වන අතර ඒසියා ඇසට් ෆිනෑන්ස්, පිරමිඞ් විල්මා, මාස් සිළුඒටා යන කණ්ඩායම් 3 අලුතින් වෙළඳ සේවා ‘බී’ කොටස සඳහා එක්වූ කණ්ඩායම් වේ.

2018 වසරේ පැවැති ‘සී’ කොටසේ තරගාවලියේ ශූරතාව දිනාගත් ඒසියා ඇසට් ෆිනෑන්ස් කණ්ඩායමත්, අනු ශූරතාව දිනාගත් පිරමිඞ් විල්මා කණ්ඩායමත් උසස්විමක් ලබා ‘බී’ කොටස සඳහා එක්වූ අතර ‘ඒ’ කොටසේ සිටි මාස් සිළුඒටා කණ්ඩායම ‘බී’ කොටස දක්වා පහත පැමිණ ඇත.

ලීග් තරගාවලියේ කණ්ඩායම් එකිනෙකා සමගින් තරග කරන අතර ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනී. ලීග් තරගාවලියේ සම්පූර්ණ තරග සංඛ්‍යාව 21 කි. ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වන ලීග් තරගාවලිය ඔක්තෝබර් 27 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.
අවසන් පූර්ව වටයේ තරග නොවැම්බර් 2 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහ තරගය නොවැම්බර් 9 වැනිදා වෙළද සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලියේ සියලුම තරග වෙළද සේවා, දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණය, බී.ආර්.සී, කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණය, පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණය, කෝල්ට්ස්, පී.සරවනමුත්තු, මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණය සහ මග්ගොන සරේ යන ක්‍රීඩාංගණයන් හිදී පැවැත්වේ.

තරගාවලියේ දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දුයවන්නා, අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන පිරිනැමීමට යුනිලිවර් සමාගම කටයුතු යොදා ඇත.


තරගාවලියට සහභාගීවන කණ්ඩායම්
යුනිලීවර් ශ්‍රී ලංකා, සී.ඩී.බී, හැටන් නැෂනල් බැංකු ‘ඒ’, සිංගර් ශ්‍රී ලංකා ‘ඒ, ඒසියා ඇසට් ෆිනෑන්ස්, පිරමිඞ් විල්මා, මාස් සිළුඒටා

 


මෙම තරගාවලියට අදාල අනුග්‍රහකත්ව චෙක්පත පිරිනැමීමේ අවස්ථාවට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම නියෝජනය කරමින් වෙළඳ කළමණාකරු මිහිර කුලතුංග සහ ජ්‍යෙෂ්ඨ සන්නාම කළමණාකරු මිලින්ද වීරසිංහ යන මහත්වරු එක්ව සිටියහ. වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ සභාපති රොෂාන් ඉද්දමල්ගොඩ, මහ ලේකම් මහේෂ් ද අල්විස්, අනුග්‍රහකත්ව කමිටුවේ ලේකම් රොහාන් සෝමවංශ, තරගාවලියේ සංවිධායක කමිටුවේ සභාපති සුජීව ද සිල්වා යන මහත්වරුද ඡායාරූපයේ සිටිති.

 


අදහස් (0)

වෙළඳ සේවා ‘බී’ තරග ඔක්: 5 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.