Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙරළ වොලිබෝල් - පාපන්දු ක්‍රීඩාංගණ

වෙරළ වොලිබෝල් - පාපන්දු ක්‍රීඩාංගණ

editorial - 2021 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට පවරනු ලැබූ ගාල්ල තුඩැල්ල ජාතික වොලිබෝල් සංකීර්ණයේ අළුතින් වෙරළ වොලිබෝල් පිටියක් හා වෙරළ පාපන්දු පිටියක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 28 ක මුදලක් අනුමත කිරීමට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා පියවරගෙන තිබේ.

තුඩැල්ල ක්‍රීඩා සංකීර්ණය තිස් අවුරුද්දක (30) කාලයක් සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට පවරා දීමට වත්මන් ක්‍රීඩා ඇමතිවරයා කටයුතු කළේය. එම ක්‍රීඩා සංකීර්ණයට යාබදව පිහිටි වෙරළ තීරයේදී නව වෙරළ වොලිබෝල් හා වෙරළ පාපන්දු ක්‍රීඩාංගණ ඉදිවන බව ක්‍රීඩා ඇමතිවරයා හා එම කටයුත්ත සම්බන්ධීකරණය කළ කොළඹ දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති මහින්ද සෙනරත් බණ්ඩාර මහතා ‘ලංකාදීප’යට පැවසීය.

මෙම ක්‍රීඩා සංකීර්ණය සඳහා සුපිරි පහසුකම් වලින් සමන්විත නේවාසිකාගාරයක් ඉදිකිරීම සඳහාද ප්‍රතිපාදන අනුමත කරදීමට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා ඉකුත්දා පියවර ගත්තේය.


- 213

 


අදහස් (0)

වෙරළ වොලිබෝල් - පාපන්දු ක්‍රීඩාංගණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.