Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වීසි කිරීමේ ජාතික තරගාවලිය දියගමදී

වීසි කිරීමේ ජාතික තරගාවලිය දියගමදී

නාමල් පතිරගේ - 2020 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වීසි කිරීමේ මලල ක්‍රීඩා ඉසව් ඇතුළත් ජාතික මලල ක්‍රීඩා තරගාවලියක් ලබන ඉරිදා (9) හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත් වේ. වීසි කිරීමේ ඉසව් පමණක් ඇතුළත් විවෘත මලල ක්‍රීඩා තරගාවලියක් මෙරටදී සංවිධානය වන්නේ පළමු වතාවට බව තරග සංවිධායකයෝ පවසති.

යගුලිය වීසි කිරීම, කවපෙත්ත වීසි කිරීම හා හෙල්ල වීසිකිරීම යන ප්‍රධාන වීසි කිරීමේ ඉසව් ඇතුළත් මෙම තරගාවලිය වයස් කාණ්ඩයන් රැසකගෙන් හැරෙන්නට කාන්තා හා පිරිමි විවෘත හා වයස 50 න් ඉහළ, 60 න් ඉහළ 70 න් ඉහළ (කාන්තා/පිරිමි) පරිදි තවත් ඉසව් රැසකින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 13 න් පහළ, 14 න් පහළ, 15 න් පහළ, 16 න් පහළ, 17 න් පහළ, 18 න් පහළ, 20 න් පහළ පරිදි බාලක හා බාලිකා වයස් කාණ්ඩ තරගාවලියට ඇතුළත් වේ.

මිටිය වීසි කිරීම ඉසව්ව විවෘත හා ප්‍රවීණයන්ගේ කාන්තා හා පිරිමි කාණ්ඩයන් පමණක් ඇතුළත් කරමින් පැවැත්වීමට නියමිතය.

 තරගාවලියේ විශේෂත්වය වන්නේ විවෘත කාන්තා හා පිරිමි ඉසව් හි තෙවැනි ස්ථානය දක්වා රුපියල් 7500, 5000, 2500 බැගින් මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමයි. ඒ අතර ප්‍රවීනයන්ගේ ඉසව් හි තෙවැනි ස්ථානය දක්වා රුපියල් 2500, 1500, 1000 බැගින් මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමටත් කටයුතු යොදා තිබේ.

ජාතික මට්ටමේ වීසි කිරීමේ හිටපු ශූරයන් හා ශූරියන් පිරිසක් එක්ව පිහිටුවා ගත් කොළඹ වීසි කිරීමේ ඉසව් මලල ක්‍රීඩා සමාජය මෙම තරගාවලිය සංවිධානය කරයි.

 වයස් කාණ්ඩ ඉසව් හි තෙවැනි ස්ථානය දක්වා සහතික පත්, රන්, රිදී හා ලෝකඩ පදක්කම් හා කුසලානයක් බැගින් ද ප්‍රදානය කෙරේ. තරගාවලිය සඳහාම මලල ක්‍රීඩා භාණ්ඩ ගෙන්වා බෙදාහරින ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතන අධිපතීන් වන නිශාන්ත ද සොයිසා, තලාවොව් අලයිලීමා, චන්දන හපුආරච්චි හා ඉනේකා කුරේ යන මහත්ම මහත්මීහු අනුග්‍රහය දක්වති.

 තරගාවලියේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරන හිටපු ජාතික මට්ටමේ කවපෙත්ත වීසි කිරීමේ ශූරයෙකු වන රවී ජයකොඩි මහතා ඇමැතීමෙන් (0772307541) තරගාවලිය පිළිබඳව වැඩි තොරතුරු ලබාගත හැකිය.


අදහස් (0)

වීසි කිරීමේ ජාතික තරගාවලිය දියගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.