Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විදෙස් ක්‍රීඩකයන් සහභාගි වන සත් සාමාජික රග්බි තරගාවලියක්

විදෙස් ක්‍රීඩකයන් සහභාගි වන සත් සාමාජික රග්බි තරගාවලියක්

යොහාන් භාසුර - 2020 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් විදේශීය ක්‍රීඩකයන්ගේ සහභාගි වන සත් සාමාජික රග්බි තරගාවලියක් ලබන වසරේ පැවැත්වීමට සැළසුම්කරමින් සිටින බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති රිස්වි ඉල්ලියාස් මහතා ‘ලංකාදීප’යට පැවසීය. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ උපදෙස් අනුව මෙම තරගාවලිය ශ්‍රී ලංකා රග්බි සංගමයට ආදායම් උපයාගන්නා මාර්ගයක් ලෙස සංවිධානය කිරීමට නියමිතය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන් පවත්වනවා වගේ කණ්ඩායම්වල හිමිකරුවන් සහිත ලීග් තරගාවලියක් තමයි සංවිධානය කරන්නේ. එය ඉතාමත් සංවිධානාත්මකව කරන්න ඕනේ”
“ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ දියුණුවටත් එවැනි තරගාවලියක් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. එවිට අපේ තරුණ ක්‍රීඩකයන්ට විදේශ ක්‍රීඩකයන්ගෙන් අත්දැකීම් ලබාගැනීමේ හැකියාව ලැබෙනවා. කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියෙන් පසුව අපේ සත් සාමාජික රග්බි පිල වඩාත් හොඳ තත්ත්වයකට පත්වුණා.........නමුත් දැන් නැවත මුල ඉඳලා පටන් ගන්න වෙනවා. තව ප්‍රමාද වුණොත් බරපතල වෙන්න පුළුවන්”

“මෙම තරගාවලිය සංවිධානය කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට කරමින් ඉන්නවා. පළමුවෙන්ම මේ සඳහා ලෝක සහ ආසියානු යන රග්බි සංගම්වලින් දින වෙන්කරගත යුතුයි. ඒ සඳහා එම සංගම්වල කාලසටහන් අධ්‍යනය කරමින් ඉන්නවා”

“විදේශීය ක්‍රීඩකයන් ලබාගැනීමට එම රටවල්වල රග්බි සංගම් සමඟ සාකච්ඡා කරන්න ඕනේ. ලබන වසරේ මෙම තරගාවලිය පැවැත්වීමට අපි සූදානම් ඉන්නේ” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

වසර 2015 ට පෙර විදේශිය ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේදී සාර්ථක සත් සාමාජික රග්බි තරගාවලි කීපයක් පැවැති අතර එම තරගාවලිවලට ලෝක රග්බි පිටියේ ප්‍රබල ක්‍රීඩකයෝ කීපදෙනෙක් ද සහභාගි වූහ.


 


අදහස් (0)

විදෙස් ක්‍රීඩකයන් සහභාගි වන සත් සාමාජික රග්බි තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.