Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වැඩිම ලකුණු ජාතික පුහුණුකරුටයි

වැඩිම ලකුණු ජාතික පුහුණුකරුටයි

නාමල් පතිරගේ - 2020 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික පාපැදි පුහුණුකරු උපාලි රත්නායක මහතාට එම ධුරය දැරීමට සුදුසුකම් නොමැති බවට ඉදිරිපත් වූ පැමිණිල්ල නිෂ්ප්‍රභා කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තාවේ. පාපැදි පුහුණුකරුවන් ඇතුළුව දිස්ත්‍රික් පාපැදි සංගම් කීපයක ප්‍රධානීන් කීපදෙනෙකු විසින් උපාලි රත්නායක මහතාගේ සුදුසුකම් අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ එම පැමිණිල්ල විභාග කළේ ජාතික ක්‍රීඩා කෞතුකාගාරයේ පාලක සමන් අමරසිංහ මහතා විසිනි.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරිකවරයෙකු වන රත්නායක මහතාට එල්ලවී තිබූ චෝදනා අතර ඔහු භාණ්ඩාගාරික ධුරය දැරූ සමයේ දී පාපැදි සම්මේලනයේ ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීමට නියමිත කාලයේ දී අපොහොසත්වීමෙන් ක්‍රීඩා පනතට අනුව ඔහුට නැවත ජාතික ක්‍රීඩා සංගමයක තනතුරක් දැරිය නොහැකි බවත් කියැවිණ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය ඉකුත්දා ජාතික පාපැදි පුහුණුකරු ධුරයට වඩාත්ම සුදුස්සා බඳවා ගත් ක්‍රමවේදය ප්‍රකාශයට පත්කර සිටියේය. ඒ සඳහා උපාලි රත්නායක මහතා සමග තවත් අපේක්ෂකයෝ හයදෙනකු ඒ සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබිණ. ඉන් එක් අයෙකු හැරෙන්නට සෙසු හය දෙනා සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමේදී දෙවැනි ස්ථානයට පත් අපේක්ෂකයාට වඩා වැඩි ලකුණු 26 කින් උපාලි රත්නායක මහතා ජාතික පාපැදි පුහුණුකරු ධුරයට නිර්දේශවී තිබේ. රත්නායක මහතා එහිදී ලකුණු 100 න් 82 ක් ලබා තිබේ.

ඔහු සමග ජාතික පාපැදි පුහුණුකරු ධුරය අපේක්ෂාවෙන් අයදුම් කළ සෙසු අපේක්ෂකයන් වූයේ කුමාර මුතුමාල, ජනක සුමිත් කුමාර, ටියුඩර් ෆ්‍රැන්සිස් විජේසූරිය, ඩබ්. වික්‍රමතිලක, අනිල් ප්‍රියන්ත සිල්වා සහ සී.පී. මීමනගේ යන මහත්වරුන්ය. වසර 2019 අගෝස්තු 22 වැනිදා පාපැදි සම්මේලනය නිකුත් කළ ජාතික පාපැදි පුහුණුකරු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය හත් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් මෙහෙයවා තිබේ.

පාපැදි සම්මේලනයේ සභාපති එන්. කරුණාරත්න, එහි උපදේශක වෛද්‍ය මලිත් ප්‍රනාන්දු, සම්මේලනයේ උපසභාපති නිශාන්ත පියසේන, ලේකම් නිහාල් කුලසේකර, භාණ්ඩාගාරික සේනක රණසිංහ, පාපැදි සම්මේලනයේ ක්‍රීඩා අමාත්‍යාංශ නියෝජිත ගාමිණී කොස්තා හා නිරීක්ෂකයෙකු ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය නම් කළ කර්නල් ප්‍රියන්ත නවරත්න යන මහත්වරුද එම කමිටුවේ කටයුතු කළ නිලධාරී මණ්ඩලයයි.


අදහස් (0)

වැඩිම ලකුණු ජාතික පුහුණුකරුටයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.