Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වරාය අධිකාරිය - ගුවන් හමුදාව ශූරතා දිනති

වරාය අධිකාරිය - ගුවන් හමුදාව ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කළ මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගැනීමට වරාය අධිකාරියත්, කාන්තා ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදාවත් සමත් වූහ.

සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය යටතේ පැවැති මෙම තරගාවලියේ අවසන් මහ තරග ඊයේ (16 වැනිදා) මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස කොළඹ විදුලිබල මණ්ඩලය පරාජය කරමින් වරාය අධිකාරිය සුපර් ලීග් පිරිමි ශූරතාවට හිමිකම් කීවේය. එම තරගයේ ලකුණු තත්වය 25/21 ක්, 26/24 ක් සහ 25/17 ක් ලෙස සටහන් විය.

ගුවන් හමුදාව සුපර් ලීග් කාන්තා ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී යුද හමුදාවට එරෙහිව වට 3-0 ක ජයක් වාර්තා කරමිනි. ඉතා තියුණු මුහුණුවරක් ගත් එම තරගය 27/25 ක්, 25/18 ක් සහ 27/25 ක් ලෙස නිමාවට පත්විය.

සුපර් ලීග් කාණ්ඩයේ වටිනාම ක්‍රීඩකයා ලෙස වරාය අධිකාරියේ ජනිත සුරත් සම්මාන දිනාගත් අතර වටිනාම ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදාවේ දිනේෂා ප්‍රසාදිනී සම්මාන් දිනාගත්තාය.

වට 3-2 ක් ලෙස සහ කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් තරගාවලියේ ආධුනික පිරිමි ශූරතාව දිනාගැනීමට නාත්තන්ඩිය යුනයිටඞ් ක්‍රීඩා සමාජය සමත් විය. පොලොන්නරුව හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය ආධුනික කාන්තා ශූරතාව දිනාගත්තේ වට 3-1 ක් ලෙස මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය පරාජය කරමිනි.

ආධුනික කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නාත්තන්ඩිය යුනයිටඞ් ක්‍රීඩා සමාජයේ එස්.එච්. සේනානායකද, එම කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජයේ දිලුක්ෂි හර්ෂනීද සම්මාන ලැබූහ.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සිලෝන් බිස්කට් සමාගමේ ප්‍රධායක විධායක නිලධාරී නලීන් කරුණාතිලක මහතා සහ වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා සහභාගි වූහ.  


අවසන් මහ තරග ප්‍රතිඵල

සුපර් ලීග් පිරිමි   
වරාය අධිකාරය විසින් තරග වට 3-0 ක් ලෙස විදුලිබල මණ්ඩලය පරාජය කරන ලදි. (25-21, 26-24, 25-17)
 
සුපර් ලීග් කාන්තා  
ගුවන් හමුදාව විසින් තරග වට 3-0 ක් ලෙස යුද හමුදාව පරාජය කරන ලදි. (27-25, 25/18, 27-25)

ආධුනික පිරිමි
නාත්තන්ඩිය යුනයිටඞ් ක්‍රීඩා සමාජය විසින් තරග වට 3-2 ක් ලෙස කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදි. (25-18, 27-25, 21/25, 16/25, 15-11)

ආධුනික කාන්තා
පොලොන්නරුව හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය විසින් තරග වට 3-1 ක් ලෙස මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය පරාජය කරන ලදි. (25-15, 22-25, 25/16, 25-13)

සුවිශේෂී සම්මාන ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

සුපර් ලීග් පිරිමි   

දක්ෂතම පන්දු පිරිනමන්නා - ජනිත සුරත් (වරාය අධිකාරිය) 
දක්ෂතම පන්දු ලබාගන්නා - එස්.වී. සාගර (වරාය අධිකාරිය) 
දක්ෂතම පන්දු සකසන්නා - නාලක සංජය (වරාය අධිකාරිය) 
දක්ෂතම ප්‍රහාරකයා - ලසිඳු මෙත්මාල් (වරාය අධිකාරිය) 
දක්ෂතම පන්දු අවරණය කරන්නා - අයේෂ් දිල්හාන් (විදුලිබල මණ්ඩලය)
දක්ෂතම ආරක්ෂාකාරී ක්‍රීඩකයා - දීප්ති රොමේෂ් විදුලිබල මණ්ඩලය) 
වටිනාම ක්‍රීඩකයා - ජනිත සුරත් (වරාය අධිකාරිය) 

සුපර් ලීග් කාන්තා  

දක්ෂතම පන්දු පිරිනමන්නිය - අයේෂා මධුරිකා (යුද හමුදාව) 
දක්ෂතම පන්දු ලබාගන්නිය - දිනේෂා ප්‍රසාදිනී (ගුවන් හමුදාව)
දක්ෂතම පන්දු සකසන්නිය - ආර්.ඒ.වී. තුෂාරි (ගුවන් හමුදාව)
දක්ෂතම ප්‍රහාරිකාව - අනුත්තරා සඳමාලි (ගුවන් හමුදාව) 
දක්ෂතම පන්දු අවරණය කරන්නිය - විරාජි චමරිකා (යුද හමුදාව)
දක්ෂතම ආරක්ෂාකාරී ක්‍රීඩිකාව - ශ්‍යාමා මධුරංගා (ගුවන් හමුදාව)
වටිනාම ක්‍රීඩිකාව - දිනේෂා ප්‍රසාදිනී (ගුවන් හමුදාව)

ආධුනික පිරිමි 

දක්ෂතම පන්දු සකසන්නා - අවිෂ්ක කෞෂල්‍ය (යුනයිටඞ් ක්‍රීඩා සමාජය) 
දක්ෂතම ප්‍රහාරකයා - එල්.කේ. මධුෂාන් (ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය) 
දක්ෂතම ක්‍රීඩකයා - එස්.එච්. සේනානායකද (යුනයිටඞ් ක්‍රීඩා සමාජය) 

ආධුනික කාන්තා 

දක්ෂතම පන්දු සකසන්නිය - සුනෙත්‍රා ප්‍රියදර්ශනී (හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය) 
දක්ෂතම ප්‍රහාරිකාව - ඒ.එස්. සෙව්මිණී (මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය) 
දක්ෂතම ක්‍රීඩිකාව - දිලුක්ෂි හරෂනී (හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය) 

   

Superleague-Men's---POrts-Authoity

 සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගත් වරාය අධිකාරිය

Superleague-Women---Air-Force

 සුපර් ලීග් කාණ්ඩයේ කාන්තා ශූරතාව දිනාගත් ගුවන් හමුදාව

Novices-Men---United

ආධුනික පිරිමි ශූරතාව දිනාගත් නාත්තන්ඩිය යුනයිටඞ් ක්‍රීඩා සමාජය

Novices-Women---Hirdramani

ආධුනික කාන්තා ශූරතාව දිනාගත් හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය 


අදහස් (0)

වරාය අධිකාරිය - ගුවන් හමුදාව ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.