Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වයස 17 න් පහළ I කොටසේ ශූරතාව මහානාම විද්‍යාලයට

වයස 17 න් පහළ I කොටසේ ශූරතාව මහානාම විද්‍යාලයට

රොෂාන් ගුණරත්න - 2019 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ ශූරතාව දිනාගැනීමට කොළඹ මහානාම විද්‍යාලය සමත්විය. කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකරගත් මහානාම විද්‍යාලයට ශූරතාව හිමිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හඹාගිය මහානාම විද්‍යාලය ඕවර 46.2 කදි කඩුලු 7 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.

සචිර වැලිවත්ත ලකුණු 46 ක් සහ විනුක රූබසිංහ ලකුණු 41 ක් රැස්කරමින් මහානාම විද්‍යාලයේ ජයග්‍රහණයට අඩිතාලම දැමූ අතර කවීෂ් දිසානායක නොදැවී ලකුණු 32 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. සංදේෂ් ප්‍රනාන්දු කඩුලු 3 ක් දවාගනිමින් ශාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කාසියේ වාසිය දිනු මහානාම විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සඳහා ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 196 ක් පමණි.

අර්ධ ශතකයක් (67) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ සුකිත ප්‍රසන්න ශාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර යෂාන් අවිෂ්ක ලකුණු 33 ක් සහ අෂාන් ප්‍රනාන්දු ලකුණු 25 ක් රැස්කළහ.

සංතිල රෝහණ සහ සදීෂන් සමරසිංහ කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

ශා.සෙබස්තියන් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 196
(සුකිත ප්‍රසන්න 67, යෂාන් අවිෂ්ක 33, අෂාන් ප්‍රනාන්දු 25, සංතිල රෝහණ 12/2, සදීෂන් සමරසිංහ 25/2)

මහානාම විදුහල - ඕවර 46.2 කදී කඩුලු 7 ක් දැවී 199
(සචිර වැලිවත්ත 46, විනුක රූබසිංහ 41, කවීෂ් දිසානායක නොදැවී 32, සංතිල රෝහණ 24, සංදේෂ් ප්‍රනාන්දු 44/3)

 


අදහස් (0)

වයස 17 න් පහළ I කොටසේ ශූරතාව මහානාම විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.