Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලලිත් මෝඩි වැරදිකරුවා වෙයි

ලලිත් මෝඩි වැරදිකරුවා වෙයි

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉන්දීය ප‍්‍රධානතම ලීගය හෙවත් අයි. පී. එල්. (වි/20) තරගාවලියේ හිටපු සභාපතිවරයා වන ලලිත් මෝඩි මහතා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ විනය කමිටුව කරුණු 8 ක් සම්බන්ධයෙන් ලලිත් මෝඩි මහතා වැරදිකරු බව නිවේදනය කරයි.

වසර 2010 දී අයි. පී. එල්. සභාපති තනතුරෙන් ලලිත් මෝඩි මහතා නෙරපා හැරීමෙන් අනතුරුව, මූල්‍ය සහ නොයෙකුත් පරිපාලන අක‍්‍රමිකතා මෙන්ම ඉන්දීය කි‍්‍රකට් අයිතිවාසිකම් විවිධ සමාගම් වලට විකුණා දැමීම සම්බන්ධයෙන්ද සිදුවූ බොහෝ කරුණු සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය පියවර ගත්තේය.

ලලිත් මෝඩි මහතා අයි. පී. එල්. තරගාවලියේ නිර්මාතෘ මෙන්ම එහි හිටපු සභාපතිවරයා පමණක් නොව, ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු ලේකම්වරයකුද වෙයි.

මෝඩි මහතාට එරෙහිව පැවැති පරීක්‍ෂණයේ වාර්තාව පිටු 134 කින් සමන්විතය. මෙම වාර්තාව මේ වන විටත් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය මේ මස 25 වැනිදා විශේෂ සභාවාරයක් කැඳවා ඒ ගැන සාකච්ඡ කිරීමට නියමිතය.

එහිදී ලලිත් මෝඩි මහතාට එරෙහිව ජීවිතාන්තය දක්වා තහනමක් පැනවිය හැකි බවද වාර්තා වේ.
කෙසේ වෙතත් ලලිත් මෝඩි මහතා පවසන්නේ තමන්ට එරෙහිව පරීක්‍ෂණය කළ විනිසුරු මඬුල්ලෙන් තමන්ට යම් යම් අසාධාරණකම් සිදුවූ බවයි.

වසර 2010 අයි. පී. එල්. කණ්ඩායම් වෙන්දේසියේදී කොචි සමාගමට බලපෑම් කළ බවත් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ නිශ්චිත අනුමැතියකින් තොරව අන්තර්ජාල සහ මාධ්‍ය අයිතිවාසිකම් විකුණා ඇති බවත් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හෝ එංගලන්ත කි‍්‍රකට්  මණ්ඩලයේ අනුදැනුමකින් තොරව එංගලන්තයේ කී‍්‍රඩා සමාජ හා එක්ව කැරළිකාර කි‍්‍රකට් ලීග් සැලසුම් කළ බවත් ලලිත් මෝඩි මහතට එල්ලවී ඇති ප‍්‍රධානතම චෝදනා වේ.


මෝඩි මහතාට එල්ල වූ චෝදනා

  • අන්තර්ජාල අයිතිවාසිකම් සම්බන්ධයෙන් අයිිතිකරුවන් සමග පැවැති සම්බන්ධතා හෙළිදරව් නොකිරීම
  • ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ඇතැමුන් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කිරීමට සූදානම් යයි තර්ජනය කරමින් ට්විටර් ජාලයේ අදහස් පළ කිරීම
  • ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ අදහස් සහ අරමුණුවලට එදිරිව යමින් එංගලන්තයේ කී‍්‍රඩා සමාජ සමග එක්ව කැරළිකාර කි‍්‍රකට් ලීගයක් සඳහා සැලසුම් කිරීම
  • ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ පරිපාලන සභාවේ අනුමැතියකින් තොරව විනෝදාත්මක අංග නිෂ්පාදන සමාගම් නියෝජිතයන් සමග ගිවිසුම් අත්සන් කිරීම. (මෙහිදී පළමුව අයිතිවාසිකම් ලබාගත් සමාගම විසින් මෝඩි මහතාගේ අනුමැතිය ලැබීමෙන් පසුව තම අයිතිවාසිකම් තෙවැනි පාර්ශ්වයකට පවරා තිබේ)
  • නිදහස් අළෙවි කාලය සම්බන්ධ ගනුදෙනු සම්බන්ධයෙන් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ පරිපාලන සභාවේ අනුමැතියකින් තොරව ගිවිසුම් අත්සන් කිරීම.

 

- අන්තර්ජාල පුවත් සේවා ඇසුරිනි

 


අදහස් (1)

ලලිත් මෝඩි වැරදිකරුවා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.