Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීය - ශා.සෙබස්තියන් සම ශූරතාව දිනති

රාජකීය - ශා.සෙබස්තියන් සම ශූරතාව දිනති

රොෂාන් ගුණරත්න - 2019 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ සම ශූරතාව හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම අද (16 වැනිදා) සමත්විය.

තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. ඒ අනුව කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායමට සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායමට සම ශූරතාව ලබාදීමට සංවිධායකවරු තීරණය කළහ.

පෙරදින පැවැති වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පමාවූ අතර එක් පිලකට ඕවර 27 කට තරගය සීමාවිය.
කාසියේ වාසිය දිනු ශාන්ත සෙබස්තියන් විදුහල පළමුව පන්දුවට පහරදීම සඳහා රාජකීය විදුහලට ආරාධනා කළ අතර නියමිත ඕවර 27 අවසානයේදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 111 ක් පමණි.
කණුෂ්ක ලක්ෂාන් සහ ශෙනිත් ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවාගනිමින් රාජකීය විදුහල් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ඕවර 27 කදී ලකුණු 112 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත සෙබස්තියන් විදුහල වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට ඕවර 12 කදී ලකුණු 43 කට කඩුලු 5 ක් අහිමිකර ගෙන සිටියේය.


රාජකීය විදුහල - ඕවර 27 කදී සියලුදෙනා දැවී 111
(රෙසඳු තිලකරත්න 26, නෙතින් පනාපිටිය 21, කණුෂ්ක ලක්ෂාන් 08/3, ශෙනිත් ප්‍රනාන්දු 21/3)

ශා.සෙබස්තියන් විදුහල - ඕවර 12 කදී කඩුලු 5 ක් දැවී 43
(දමිත් කප්පගොඩ 12/2)

 


අදහස් (0)

රාජකීය - ශා.සෙබස්තියන් සම ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.