Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීයයෝ මුල් ඉනිම ජය ගනිති

රාජකීයයෝ මුල් ඉනිම ජය ගනිති

editorial - 2019 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ රාජකිය විදුහලේ අහන් වික්‍රමසිංහ (95) සහ ළහිරු මධුෂංක (නොදැවී 50) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම ප්‍රශාන් කල්හාර ලකුණු 68 කට කඩුලු 8 ක් දවාගත්තේය.


ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 46.1 කදී සියලු දෙනා දැවී 123
(දුනිත් ජයතුංග 45, ප්‍රශාන් කල්හාර 41/5)

රාජකිය විදුහල් පළමු ඉනිම - ඕවර 74.2 කදී කඩුලු 9 ක් දැවී 252
(අහන් වික්‍රමසිංහ 95, ළහිරු මධුෂංක නොදැවී 50, ප්‍රශාන් කල්හාර 28, කමිල් මිෂාර 25, කවිඳු පතිරණ 24, ශෂික පෙරේරා 40/3, සුපුන් ප්‍රනාන්දු 66/3, තදුල ද සිල්වා 35/2)

ශාන්ත සෙබස්තියන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 34 කදී කඩුලු 5 ක් දැවී 60
(ජනිෂ්ක පෙරේරා 31, ප්‍රහාන් කල්හාර 27/3)

-036

 


අදහස් (0)

රාජකීයයෝ මුල් ඉනිම ජය ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.