Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යොවුන් ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග අද සිට

යොවුන් ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග අද සිට

නාමල් පතිරගේ - 2020 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ අවසන් වටයේ කණ්ඩායම් තරග අද සිට (3) ආරම්භ වෙයි.

කොරෝන වසංගත තත්ත්වය  හමුවේ මෙවර යොවුන් ක්‍රීඩා උළෙලේ තරග ඉසව් ආරම්භය ප්‍රමාදවී තිබෙන අතර  32 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල නිමාවට පත් කෙරෙන මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ මාර්තු මාසයේ කොළඹ දීය.  ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ සහයෝගයෙන් වාර්ෂිකව ජාතික යොවුන් ක්‍රීඩා උළෙල සංවිධානය කරයි.

 

32 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග පැවැත්වෙන ආකාරය.

♦ වෙරළ වොලිබෝල් (කාන්තා - පිරිමි) ඔක්තෝබර් 3 සිට7 දක්වා හෙයියන්තුඩුව පුහුණු මධ්‍යස්ථානයේ දී
♦ කඹ ඇදීම (කාන්තා - පිරිමි):- 17-19 මහරගම තරුණ සේවා පිටියේදී.
♦ පැසිපන්දු (කාන්තා - පිරිමි):- ඔක්තෝබර්  24-25-31 හා නොවැම්බර් 1 කොළඹ කාල්ටන් හා පොලිස් යන ක්‍රීඩාංගණවල දී.
♦ දැල්පන්දු (කාන්තා - පිරිමි):- නොවැම්බර් 14-15 මාතර කොටවිල ක්‍රීඩාංගණයේ දී
♦ කැරම් (කාන්තා - පිරිමි):- නොවැම්බර් 21-22, දෙල්කඳ කැරම් සම්මේලන මූලස්ථානයේ දී
♦ කබඩි (කාන්තා - පිරිමි):- නොවැම්බර් 21-22 මහරගම තරුණ සේවා  පිටියේ දී
♦ පාපන්දු (පිරිමි):- නොවැම්බර් 28-29 බදුල්ල වින්සන්ට් ඩයස් පිටියේ දී
♦ පාපන්දු (කාන්තා):- දෙසැම්බර් 5-6 බදුල්ල පාපන්දු පිටියේ දී
♦ ක්‍රිකට් - සැහැල්ලු පන්දු (කාන්තා - පිරිමි):- දෙසැම්බර් 12-13 මහරගම තරුණ සේවා පිටියේ දී හා දෙහිවල එස්. ද එස්. ජයසිංහ පිටියේ දී
♦ එල්ලේ (කාන්තා - පිරිමි):- දෙසැම්බර් 19-20 බෙලිඅත්ත රුහුණු විජයබා - බෙලිඅත්ත මහජන යන ක්‍රීඩාංගණවල දී
♦ වොලිබොල් (කාන්තා - පිරිමි):- ජනවාරි 23-24 මහරගම තරුණ සේවා ක්‍රීඩාංගණයේ දී

 


අදහස් (0)

යොවුන් ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.