Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මුෂ්ෆිකුර් පාකිස්තානයට යන්න බෑ කියයි

මුෂ්ෆිකුර් පාකිස්තානයට යන්න බෑ කියයි

රොෂාන් ගුණරත්න - 2020 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් එළඹෙන පාකිස්තාන සංචාරය සඳහා යෑම ප්‍රතික්ෂේප කර ඇති බව කණ්ඩායම් නිලධාරියෙක් පැවසීය.

”මුෂ්ෆික් අද මට කතා කළේ ඔහු පාකිස්තානයට නොයන බව දැනුම් දීමටයි. අපි දැන් ඔහුගෙන් ලිපියක් එනතුරු බලා සිටිනවා. ඔහු එසේ කළ පසු අපි ඔහුව තරගාවලියෙන් ඉවත් කරනවා යැයි” තේරීම් කමිටු ප්‍රධානී මින්හාජුල් අබෙඩින් පැවසීය.

ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ විස්සයි20 තරග 3 ක්, ටෙස්ට් තරග 2 ක් සහ එක්දින තරගයක් පාකිස්තානයේදී බංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිතව ඇත.

තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන් තරග තහනමකට ලක්ව සිටින හොහොතක මුෂ්ෆිකූර් පාකිස්තාන සංචාරයට ප්‍රතික්‍ෂේප කිරීම බංග්ලාදේශයට විශාල පාඩුවක් සිදුවනු ඇත.
මෙම තරගාවලියට එක්වන සංචිතය දින දෙකකින් නිවේදනය කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මින්හාජුල් පැවසීය.

2009 මාර්තු මාසයේදී ලාහෝර් නුවරදී ශ්‍රී ලාංකා ක්‍රිකට් කණ්ඩායම් රැගත් බස් රථයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්වූ පාකිස්තානය වෙත පසුගිය සිව් වසර තුළ ක්‍රමයෙන් නැවත ක්‍රීඩාව පැමිණ තිබේ.

 


අදහස් (0)

මුෂ්ෆිකුර් පාකිස්තානයට යන්න බෑ කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.