Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාලිංගගේ වාර්තා පොත

මාලිංගගේ වාර්තා පොත

යොහාන් භාසුර - 2019 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකාවෙන් ලෝක ක්‍රිකට් පිටියට දායාද කළ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, බංග්ලාදේශයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (26) පැවැත්වෙන එක්දින තරගයේදී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී. ලෝක සීමිත ඕවර ක්‍රිකට් පිටියේ ‘යෝකර් රජු’ බවට පත්ව සිටින මාලිංග පන්දු යැවීමේ ඉරියව්ව සහ කොණ්ඩ මෝස්තරය හේතුවෙන් ලෝක ක්‍රිකට් පිටියේ වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටියි. 

යෝකර් පන්දු යැවීමට විශේෂඥායකු වන මාලිංග ලබන අගෝස්තු මස 28 වැනිදා 36 වැනි වියට පා තබයි. මාලිංග පසුගියදා එංගලන්තයේදී අවසන් වූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී යෝකර් පන්දු ප්‍රදර්ශනයක් ඉදිරිපත් කරමින් කඩුලු දවාගැනීම කැපී පෙනුණි. 

කුණතින් වේග පන්දු යවන මාලිංග 2004 වසරේ දඹුල්ලේදී එක්සත් අරාබි එමිර් රාජ්‍යයට එරෙහිව එක්දින වරම් ලැබීය. මාලිංග මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 225 කදී කඩුලු 335 ක් දවාගැනීමට සමත්ව සිටියි.

 මාලිංග ආබාධයන් හේතුවෙන් වසර කීපයක්ම ක්‍රීඩාවෙන් ඉවත්ව නොසිටින්නට ඔහු නමින් කඩුලු 400 ක් ඉක්මවා සටහන් වීමට ඉඩ තිබුණි. මාලිංග ආබාධ හේතුවෙන්ම 2010 වසරේ ටෙස්ට් පිටියට සමුදුන් අතර ඒ වන විට ටෙස්ට් තරග 30 කදී කඩුලු 101 ක් දවාගෙන තිබුණි. 

ලෝක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා රැසකට හිමිකම් කියන මාලිංග ලබන වසරේ ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය දක්වා විස්සයි20 ක්‍රිකට් පිටියේදී දැකිය හැකිය. 


මාලිංග පිහිටුවා ඇති වාර්තා
● එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක පිට පිටම පන්දු හතරකදී කඩුලු හතරක් දවාගත් එකම ක්‍රීඩකයා වීම.
● ලෝක එක්දින ක්‍රිකට් පිටියේ කඩුලු ත්‍රිත්ව තුනක් දවාගත් එකම ක්‍රීඩකයා වීම.
● මාලිංග (56) සහ ඇන්ජලෝ මැතිව්ස් 2010 වසරේ ඕස්ටේ්‍රලියාවට එරෙහිව නවවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 132 ක සම්බන්ධතාව ලෝක එක්දින ක්‍රිකට් පිටියේ නවවැනි කඩුල්ලේ ඉහළතම සම්බන්ධතාව වේ. 
● මාලිංග අංක 10 පිතිකරු ලෙස ඕස්ටේ්‍රලියාවට එරෙහිව රැස්කළ ලකුණු 56 එක්දින ක්‍රිකට් පිටියේ 10 ස්ථානයේ පිතිකරුවකු රැස්කළ සිවුවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව මෙන්ම ශ්‍රී ලංකාවේ ඉහළතම ලකුණු සංඛ්‍යාව වේ. 
● ලෝක කුසලාන තරගාවලිවලදී කඩුලු ත්‍රිත්ව දෙකක් දවාගත් එකම පන්දු යවන්නා වීම. 
● එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් අතර තෙවැනි ස්ථානය සහ ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ඉනිම සංඛ්‍යාවකදී කඩුලු 50 සම්පූර්ණ කිරීම.   

 


අදහස් (0)

මාලිංගගේ වාර්තා පොත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.