Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහිත් - සඳින්ති විවෘත ශූරතා දිනති

මහිත් - සඳින්ති විවෘත ශූරතා දිනති

ශානුක අරවින්ද - 2020 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිං පොං මේසපන්දු විද්‍යායතනය සංවිධානය කළ බස්නාහිර පළාත් ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගැනීමට ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මහිත් ජයසුමනද, විවෘත කාන්තා ශූරතාව දිනාගැනීමට කොළඹ මියුසියස් විදුහලේ සඳින්ති ජයසිංහද සමත් වූහ.

පිරිමි අවසන් මහ තරගයේදී කොළඹ රාජකීය විදුහලේ තිසස් රංචාගොඩ පරාජය කරමින් මහිත් එම ශූරතාවට හිමිකම් කී අතර සඳින්ති එම ශූරතාවට හිමිකම් කීවේ කාන්තා අවසන් මහ තරගයේදී කොළඹ මියුසියස් විදුහලේ ඔනෙලි ලෙහන්සා පරාජය කරමිනි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා බස්නාහිර පළාතේ පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූහ. ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ මහ ලේකම් චන්දන විජේතුංග මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්විය.


බාලක තරග ප්‍රතිඵල

■    වයස 8 න් පහළ
ආහිල් නබීල් (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස යෙනුල් බිම්සර (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (05/11, 11/05, 11/06)

■    වයස 10 න් පහළ
සන්දිත් හෙන්ඳහේවා (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස අකිල් තිලකසේකර (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (12/10, 09/11, 11/08)

■    වයස 12 න් පහළ
දිරාන් හාමර් (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ජනිත් බටුගෙදර (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (12/10, 11/05)

■    වයස 15 න් පහළ
සනුත් ජයසුමන (ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස මහිත් ජයසුමන (ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (12/10, 11/09)

■    වයස 18 න් පහළ
තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස විනුක ගුණවර්ධන (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/09)

 

බාලිකා තරග ප්‍රතිඵල

■    වයස 8 න් පහළ
රනුකි සේනාරත්න (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ෂෙනෙලා පෙරේරා (ගම්පහ සිරිකුරුස විදුහල විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/08)

■    වයස 10 න් පහළ
මේකල්‍යා ප්‍රනාන්දු (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස නෙතුලි නිම්නාරා (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/05, 11/03)

■    වයස 12 න් පහළ
දිසාලි රණසිංහ (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ශමල්ෂා දෙව්මි (ගම්පහ සිරිකුරුස විදුහල) පරාජය කරන ලදි. (11/07, 12/10)

■    වයස 15 න් පහළ
සඳින්ති ජයසිංහ (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස ඔනෙලි ලෙහන්සා (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/13, 15/13, 11/08)

■    වයස 18 න් පහළ
ඔනෙලි ලෙහන්සා (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස මින්නා හසීම් (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/08)

 

විවෘත තරග ප්‍රතිඵල

■    විතෘත පිරිමි
මහිත් ජයසුමන (ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-1 ක් ලෙස තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (18/16, 06/11, 12/10)  

■    විවෘත කාන්තා
සඳින්ති ජයසිංහ (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස ඔනෙලි ලෙහන්සා (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (09/11, 11/05, 11/09)


අදහස් (0)

මහිත් - සඳින්ති විවෘත ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.