Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහානාම ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

මහානාම ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

editorial - 2019 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ මොරටු මහ විද්‍යාලය අතර මොරටු මහ විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.

එහිදී පිත්තතෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දක්සම් දැක්වූ මහානාම විදුහලේ චාමික හීනටිගල ලකුණු 71 ක් රැස්කරමින් ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගත් අතර එම විදුහලේම සිතික කුලතුංග ලකුණු 20 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 56 කදී කඩුලු 5 ක් දැවී 251  
(චාමික හීනටිගල 71, ගිමන්ත දිසානායක 38, දුල්නිත් සිගේරා නොදැවී 35, ඒෂාන් විතානගේ 34, නිපුන් ලක්ෂාන් 31, නේසර පතිරගේ 23, ෂෙහාර ප්‍රනාන්දු 42/3)

මොරටු මහ විද්‍යාල පළමු ඉනිම - ඕවර 30.2 කදී සියලු දෙනා දැවී 96  
(දිනෙත් සිතුමින 21, ඉසුරු ප්‍රනාන්දු 21, සිතික කුලතුංග 20/5, චාමික හීනටිගල 16/3)

මහානාම විදුහල් දෙවැනි ඉනිම - ඕවර 4 කදී කඩුල්ලක් දැවී 41
(දුල්නිත් සිගේරා නොදැවී 33)
 
-036

 


අදහස් (0)

මහානාම ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.