Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ක්‍රීඩා සමාජයේ 2019-2020 වසර සඳහා රග්බි නායකයා ලෙස නයිජල් රත්වත්ත තේරී පත්විය. නයිජල් කණ්ඩායමේ නායකයා වශයෙන් තේරී පත් වූයේ එම ක්‍රීඩා සමාජයේ 145 වැනිමහා සභා රැස්වීමේදීය.
දකුණු අප්‍රිකාවේදී රග්බි ක්‍රීඩාවට පිවිසි නයිජල් රත්වත්ත පසුව මහනුවර ත්‍රිත්ව විදුහලත් සී.ආර්. ක්‍රීඩා සමාජයත් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ රග්බි පිටියට පිවිසියේය. වසර හයක කාලයක් මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කළ නයිජල් රත්වත්ත එම පිලේ ෆ්ලැන්කර් සහ ෆුල්බැක් යන ස්ථාන ශක්තිමත් කරමින් සිටි.
මෙරට සිටින අතිදක්ෂ සත් සාමාජික රග්බි ක්‍රීඩකයකුද වන නයිජල් රත්වත්ත නියෝජනය කළ මහනුවර ක්‍රීඩා සමාජ පිල විසින් මේ වසරේ වෙළඳ සේවා සත් සාමාජික රග්බි ශූරතාවද හිමි කර ගන්නා ලදි.
මහනුවර පිලේ පුහුණුකරු වශයෙන් ෆාසිල් මරිජා කටයුතු කරන අතර සහාය පුහුණුකරු ලෙස විරාජ් ප්‍රසන්නද කණ්ඩායම් කළමනාකරු ලෙසින් කපිල සිල්වා මහතාද කටයුතු කරති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.