Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මල්ෂාන් මුල්තැනට

මල්ෂාන් මුල්තැනට

editorial - 2021 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු මලල ක්‍රීඩාවේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව තුන් පිම්ම වයස 20න් පහළ පිරිමි කාණ්ඩයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක කේ.ඒ. පසිඳු මල්ෂාන් අංක එකට පත්වී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ චීන තායිපේ ක්‍රීඩක චෙන්ග් මියා (මීටර 15.45) දෙවැනි තැනට පත් කරමින් පසිඳු මල්ෂාන් එහිදී (මීටර 15.50) ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමයි.

නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඉසව්වේ තෙවැනි ස්ථානයද ශ්‍රී ලංකා ක්‍රීඩකයකුට හිමිව තිබේ. ඒ මීටර 15.24 ක දක්ෂතාවයක් පළකර ඇති යූ.ඩී. වයි. විශ්මිතයි.

මුල්තැනට පත් පසිඳු මල්ෂාන් මෙන්ම විශ්මිත ද තුන්පිම්ම වයස 20න් පහළ පිරිමි කාණ්ඩයෙන්  ඉදිරියට පැමිණියේ පසුගිය 9 වැනිදා කොළඹ සුගතදාස පිටියේදී නිමාවට පත්වූ 2021 පළමු ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ කනිෂ්ඨ කාණ්ඩයෙන් දැක්වූ දක්ෂතා අනුවය.  ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිල දත්ත සටහන්කරු සමන් කුමාර ගුණවර්ධන මහතා පැවැසුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකු එකම ඉසව්වක ශ්‍රේණිගත කිරීම් අනුව මුල් පෙළේ ස්ථාන දෙකකට පත්වීම විශේෂත්වයක් ගන්නා බවයි.

පසිඳු මල්ෂාන් තේරීම් තරගාවලියේදී මීටර 15.50 ක දක්ෂතාවයක් දැක්වීම නිසා ඔහු ජාතික මලල ක්‍රීඩා සංචිතයට නිර්දේශ වනු ඇතැයිද වාර්තාවේ. මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව මීටර 16.71 කි.  එය වසර 2019 දී එස්. ධනංජය විසින් පිහිටුවන ලදි. 
තේරීම් තරගාවලියේ තුන් පිම්ම (පිරිමි ජ්‍යෙෂ්ඨ) කාණ්ඩයේ ජයග්‍රහණය කළේ පාසල් සිසුවකු වන වී.ජී.පී. සඳරුවන් විසිනි. ඒ මීටර 16.08 ක දුරක් පනිමිනි. 


අදහස් (0)

මල්ෂාන් මුල්තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.