Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැරිස් යන්න 7 ක් අවසර ඉල්ලති

පැරිස් යන්න 7 ක් අවසර ඉල්ලති

editorial - 2021 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ජගත් ප්‍රේමචන්ද්‍ර)

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දුන්නෙන් විදීමේ තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලබන මාසයේදී ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වේ. ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යවා ඇතැයි දුන්නෙන් විදීමේ ශ්‍රි ලංකා ජාතික සංගමයේ ලේකම් සුනේත්‍රා සෙනෙවිරත්න මහත්මිය ‘කෙළිමඬල’ ට පැවැසුවා ය.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජුනි මස 19 වැනිදා සිට ප්‍රංශයේ, පැරිස් නුවරදී පැවැත්වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගීවීමට සිව් දෙනෙකුගෙන් යුත් පිරිමි කණ්ඩායමක් ද තිදෙනෙකුගෙන් යුත් කාන්තා කණ්ඩායමක් ද නම් කර ඇත.

“අපි ගොඩාක් බලාපොරොත්තුවෙනවා මෙම කණ්ඩායම ගැන. අඩුම තරමේ කණ්ඩායම් ඉසව්වේ හෝ සුදුසුකම් ලබා ගැනීමක් වේවි. පවතින තත්ත්වය හමුවේ වූවත් අපි දැනටමත් අපේ සහභාගීත්වය ඔවුන්ට ස්ථිර කර තිබෙනවා.“ යයි කී සෙනෙවිරත්න මහත්මිය...

“සෞඛ්‍ය නීති මත කණ්ඩායමට එකට එකතු වෙලා පුහුණුවීම් කරන්න බැරි විම තමයි ලොකුම අඩුව. එහෙම වුණත් ඔවුන් පුහුණුවීම් නතර කරල නැහැ. හැකි සෑම අවස්ථාවක ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ ඔවුන් පුහුණුවිම්වල යෙදෙනවා.” යයිද වැඩි දුරටත් පැවැසුවා ය.

 

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යවා ඇති කණ්ඩායම්

පිරිමි කණ්ඩායම

රවීන් දල්පදාදු (ඌව), සජීව ද සිල්වා (රේස් කෝස්), පී. එස්. කේ. හේරත් (නාවික හමුදාව),  මහේෂ් ප්‍රේමරත්න (නාවික හමුදාව)

 

කාන්තා කණ්ඩායම

ඩබ්ලිව්. තිසරි සිල්වා (යුද හමුදාව), අනුරාධා කරැණාරත්න (පොලිසිය),  රෙහානා ටෙයාබලි (සජිටේරියන්)


අදහස් (0)

පැරිස් යන්න 7 ක් අවසර ඉල්ලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.