Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැරා ක්‍රීඩා ලෝක ශූරතාවලියට 9 ක් යති

පැරා ක්‍රීඩා ලෝක ශූරතාවලියට 9 ක් යති

editorial - 2019 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

පැරා ක්‍රීඩා ලෝක ශූරතාවලිය  සඳහා සාමාජිකයින් 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වෙයි. මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී   අද (7 වැනිදා) සිට 15 වැනිදා දක්වා පැවැත්වේ.

හෙල්ල විසි කිරීමේ ශූරයකු වන දිනේෂ් හේරත් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලැබේ.

අන්තර් ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ ලෝක පැරා මලල ක්‍රීඩා අනුකමිටුව විසින් සංවිධානය කරනු ලබන පැරා ඔලිම්පික් ජවන හා පිටියේ ඉසව් සඳහා රටවල් 114 කින් 1,500 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සංඛ්‍යාවක් සහභාගි වෙති.
මීට පෙර එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ හේරත් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත් අතර ජයග්‍රාහකයා වූ ඉන්දියාවේ සුන්දර් සිංට වඩා මීටර 2.43 කින් පසු පසින් සිටියේය.

ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩා කණ්ඩායමට ඩයලොග් අනුග්‍රහය හිමිව තිබේ. ඩයලොග් ඇක්සියාටා සමාගම ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම් වෙනුවෙන්ද අනුග්‍රහය දක්වයි.

ශ්‍රී ලංකා පැරා ක්‍රීඩා කණ්ඩායම
දිනේෂ් හේරත් (නායක) අමිල ප්‍රසාන්, නුවන් ඉන්දික, ඒ.ජී.යූ.අයි චූලදාස, කේ.ඒ.එස් දුලාන්, එච්.ඒ.සී.එස් හෙට්ටිආරච්චි, එච්.ජී පාලිත බණ්ඩාර, අයි.සී.එන්.බුද්ධික සහ කුමුදු ප්‍රියංක යන කණ්ඩායම  ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවය සදහා සහභාගි වීමට නියමිතය.


අදහස් (1)

පැරා ක්‍රීඩා ලෝක ශූරතාවලියට 9 ක් යති
  • saman Thursday, 07 November 2019 01:29 PM

    සුභ පැතුම් !

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.