Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් ක්‍රිකට් තරගාවලි අවසානයට අවදානමක්

පාසල් ක්‍රිකට් තරගාවලි අවසානයට අවදානමක්

යොහාන් භාසුර - 2020 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘කෝවිඞ් 19’ අවදානම හේතුවෙන් අත්හිටුවූ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පාසල් ක්‍රිකට් තරගාවලිය වන වයස 19 න් පහළ අන්තර් පාසල් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.  

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් කමල් ඉන්ද්‍රජිත් මහතාගෙන් ‘ලංකාදීප’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අනාගතය පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ තරගාවලියක් පිළිබඳව කථා කිරීමට නම් පළමුවෙන්ම පාසල් පද්ධතිය සම්පූර්ණයෙන්ම ආරම්භ වියයුතු බවයි.

“අප සංගමයේ විධායක කමිටුව වයස 19 න් පහළ තරගාවලියේ අනාගතය පිළිබඳව සාකච්ඡා කරලා නෑ”

“අධ්‍යාපන අමාත්‍යංශයෙන් චක්‍රලේඛයක් එවලා තියෙනවා ඉදිරියේදී අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දෙන්න කියලා. ඒ නිසා තරගාවලි පවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය වඩාත් තීරණාත්මක සාධකය බවට පත්ව තිබෙනවා” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

‘කෝවිඞ් 19’ අවදානම හේතුවෙන් පසුගිය මාර්තු මස සමස්ත ශ්‍රී ලංකාවම වසා දමන විට මෙම තරගාවලියේ පළමු කොටසේ අර්ධ අවසන් පූර්ව තරග පැවැත්වීමට නියමිතව තිබුණි.

පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සෙසු සියලුම වයස් කාණ්ඩ තරගාවලි මීට පෙර අත්හිටුව ද වයස 19 න් පහළ තරගාවලිය පවත්වා අවසන් කිරීමට මීට පෙර එම සංගමය බලාපොරොත්තුවෙන් පසුවිය.   

 


අදහස් (0)

පාසල් ක්‍රිකට් තරගාවලි අවසානයට අවදානමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.