Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපැදි සම්මේලනයෙන් තවත් උපසභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි

පාපැදි සම්මේලනයෙන් තවත් උපසභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි

නාමල් පතිරගේ - 2020 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ උප සභාපතිවරයකු වන චන්දන කඳනආරච්චි මහතාත් අද (18) සිට ධුරයෙන් ඉල්ලා අස්විය. පාපැදි  සම්මේලනයෙන් ඉල්ලා අස්වූ දෙවැනි උප සභාපතිවරයාවන්නේ කඳනාරච්චි මහතාය.

කඳනාරච්චි මහතා පාපැදි සම්මේලනයේ වත්මන් පාලනයට චෝදනා කීපයක් එල්ල කරමින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රැවන්චන්ද්‍ර මහතාට යොමු කර තිබේ.

පාපැදි සම්මේලනයේ උප සභාපති ධුරයෙන් පසුගිය සිකුරාදා නිශාන්ත පියසේන මහතාද ඉල්ලා අස්විය.

නිශාන්ත පියසේන මහතා උප සභාපතිධුරයෙන් ඉල්ලා අස්වෙමින් දන්වා තිබෙන කරැණුවලට තමන්ද එකඟවන බව චන්දන කඳනාරච්චි මහතාද පවසා සිටියි. සභාපතිවරයාගේ ඒකාධිපති පාලනයෙන් පාපැදි සම්මේලනයේ විධායක සභාව හෑල්ලුවට ලක්ව තිබෙන බවද කඳනාරච්චි මහතා සිය ලිපියෙන් දැනුම් දී තිබේ.

“පාපැදි සම්මේලනයේ වත්මන් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට මීට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළද ඒ සඳහා සම්මේලනයේ ප්‍රධානීන් ඉදිරිපත් වූයේ නැත. එහිදී මා හා උප සභාපති බී.ජේ. සුමනසේකර මහතා පමණක් විමර්ශණයේදී කරුණු දක්වන ලදී“ යයිද එම ලිපියේ සටහන් වේ.

ජාතික පාපැදි ශූරතා තරගාවලිය වසර 2019දී පැවැත්වීමට අපොහොසත්වීමෙන් ක්‍රීඩකයන්ට අසාධාරණයක් කර ඇති බවත්, දිස්ත්‍රික් පාපැදි සංගම්වලට සම්මේලනය රුපියල් 25,000ක මුදලක්ද බැගින් ලබාදෙන බව ප්‍රකාශ වුවද එයද ඉටු නොවූ බවත් එම ලිපියෙන් කියැවේ.


අදහස් (0)

පාපැදි සම්මේලනයෙන් තවත් උපසභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.