Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වයිරසය හේතුවෙන් රට තුළ උද්ගත වී ඇති ව්‍යාකූල තත්ත්වය නිසා අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දින නියමයකින් තොරව කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි කමිටු සාමාජිකයකු පැවසුවේ රටේ පවතින තත්ත්වය මත දින නියමකින් තොරව තරගාවලිය කල්දැමුවද මෙම සතියේ තරග ලබන සතියේ පැවැත්වීමට උත්සහ කරන බවයි.
මෙවර පළමු පෙළ තරගාවලියේ පළමු වටයේ තරග මේ වන විට අවසන් වී ඇති අතර ‘සුපිරි’ වටයේ තරග ආරම්භ වීමට නියමිතය.
“තරගාවලිය පෙළ ගස්වා ඇති ආකාරයට සති කීපයක් තරග පැවැත්වීමට නොහැකි වුවහොත් ඉදිරි තරගාවලි පැවැත්වීම ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපි උපරිම උත්සහ කරනවා ලබන සතියේ තරග ආරම්භ කරන්න” යැයි එම තරගාවලි කමිටු සාමාජිකයා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.