Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමුපෙළ ක්‍රිකට් තරග ජූනි මස ඇරඹේ

පළමුපෙළ ක්‍රිකට් තරග ජූනි මස ඇරඹේ

යොහාන් භාසුර - 2020 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
‘කොරෝනා’ වයිරස් අවදානම හේතුවෙන් අතරමඟදී අත්හිටුවන ලද අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ලබන මස (ජූනි) මුලදී ආරම්භ කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ නිලධාරීන් අතර පසුගියදා පැවැති සාකච්ඡාවකදී දේශීය තරගාවලිය ආරම්භ කිරීම ජූනි මස සළකා බැලිය හැකි බවට ප්‍රකාශ වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ පළමු පෙළ තරගාවලිය ජූනි මස මුල ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ සියලු තරග මේ වන විට අවසන්ව ඇති අතර ‘සුපිරි අට’ සහ ‘පළඟ’ යන තරගාවලි දෙක ආරම්භ කිරීමට නියමිතය.

මෙම තරගාවලියේ ‘සුපිරි අට’ සහ ‘පළඟ’ යන තරගාවලි ආරම්භ කිරීමට තිබියදී සම්පූර්ණ දිවයිනම ආවරණය වන පරිදි ඇඳිරි නීතිය පැනවීමෙන් එය අත්හිටුවීමට සිදුවිය.

 

 

 


අදහස් (0)

පළමුපෙළ ක්‍රිකට් තරග ජූනි මස ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.