Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පදක්කම් ලාභී බැඩ්මින්ටන් කණ්ඩායම යළි දිවයිනට

පදක්කම් ලාභී බැඩ්මින්ටන් කණ්ඩායම යළි දිවයිනට

editorial - 2019 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ පොකාරාහිදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා බැඞ්මින්ටන් කණ්ඩායම යළිත් දිවයින බලා පැමිණියේය.

බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට හිමිවූ එකම රන් පදක්කමට හිමිකම් කීමට තිළිණි හෙන්ඳහේවා සහ කාවින්දිකා සිරිමාන්ගේ සමත් වූ අතර කාන්තා යුගල බැඩ්මින්ටන් ඉසව්වේ අවසන් මහ තරගයේදී අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා පරාජය කරමින් ඔවුහු ඊට හිමිකම් කීහ. ඒ අනුව අචිනිට සහ උපුලිට එහි රිදී පදක්කම හිමිවිය.

පිරිමි යුගල ඉසව්වේ අවසන් මහ තරගයේදී ඉන්දියාවේ ක්‍රිෂ්ණා ප්‍රසාද්ට සහ ධරුව් කපිල හමුවේ පරාජයට පත්වූ සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කමක් දිනාදුන්හ. මිශ්‍ර යුගල ඉසව්වේ අවසන් මහ තරගයට සහභාගි වූ සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා එහි රිදි පදක්කම හිමිකර ගත්තේ ඉන්දියාවේ ධරුව් කපිල සහ මේඝනා ජක්කම්පුඩි හමුවේ පරාජය වීම හේතුවෙනි.

කාන්තා කේවල ඉසව්වේ අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ අචිනි රත්නසිරිට සහ ඩිල්මි ඩයස්ට මෙන්ම පිරිමි කේවල ඉසව්වේ අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ දිනූක කරුණාරත්නටද ලෝකඩ පදක්කම්වලින් සෑහීමකට පත් වීමට සිදුවූහ.

කේවල සහ යුගල තරග ඉසව්වලට පෙර පැවැති පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඉසව්වලදීද රිදි පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. කණ්ඩායම් ඉසව්වේ අවසන් මහ තරගවලදීද ශ්‍රී ලංකාව පරාජයට පත්වූයේ ඉන්දීය කණ්ඩායම් හමුවේය.

-036


අදහස් (0)

පදක්කම් ලාභී බැඩ්මින්ටන් කණ්ඩායම යළි දිවයිනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.