Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පතිරණ - දූල්වල විනිසුරුවරු අගැයේ

පතිරණ - දූල්වල විනිසුරුවරු අගැයේ

editorial - 2020 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 20 කට වැඩි කාලයක් ක්‍රිකට් විනිසුරුවන් ලෙස කටයුතු කර විශ්‍රාම ගත් ඩී.එන්. පතිරණ මහතා සහ කේ. ආර්. පී. දූල්වල මහත්මිය විසින් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කරන ලද සේවය අගය කිරීමක් ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික සහ විනිසුරු කමිටු සභාපති දීපාල් මදුරප්පෙරුම සහ දේශීය ක්‍රිකට් තරග අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පතිරණ මහතාට සහ දූල්වල මහත්මියට මුදල් ත්‍යාග ප්‍රදානය කෙරිණ.

1982 වසරේ සිට 2006 දක්වා කාල සීමාවේදී දේශීය තරග පමණක් නොව ජාත්‍යන්තර මට්ටමේ තරගවලදීත් විනිසුරුවරයකු ලෙස කටයුතු කළ පතිරණ මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 30 කදී ප්‍රධාන විනිසුරුවරයකු ලෙසද, ටෙස්ට් තරග 8 කදී අතිරේක විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කර ඇත.  

දූල්වල මහත්මියද ශ්‍රී ලංකා ජාතික කාන්තා පිල නියෝජනය කර ඇති අතර ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමෙන් පසු වසර 20 කට වැඩි කාලයක් ක්‍රිකට් විනිසුරුවරියක ලෙස කටයුතු කර තිබේ. විශ්‍රාම යන විට ඇය සරවනමුත්තු කුසලාන මට්ටමේ විනිසුරුවරියක් ලෙසින් කටයුතු කරමින් සිටියාය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික සහ විනිසුරු කමිටු සභාපති දීපාල් මදුරප්පෙරුම මහතා අතින් පතිරණ මහතා චෙක්පත ලබාගත් අයුරු...

දේශීය ක්‍රිකට් තරග අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න මහතා අතින් දූල්වල මහත්මිය චෙක්පත ලබාගත් අයුරු...


-036


අදහස් (0)

පතිරණ - දූල්වල විනිසුරුවරු අගැයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.