Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිවුන් ක්‍රිකට් කණ්ඩායම පිහිටුවයි

නිවුන් ක්‍රිකට් කණ්ඩායම පිහිටුවයි

editorial - 2021 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(සටහන හා ඡායාරූප – කළුතර - සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)


ශ්‍රී ලංකා නිවුන් සංවිධානය මගින් ප්‍රථම වරට ‘නිවුන් ක්‍රිකට්’ කණ්ඩායම් දෙකක් හඳුන්වා දී තිබේ. මෙම කණ්ඩායම් පසුගියදා වාද්දුව ෆිෂර්මන් විලෝ හෝටලයේදී පිහිටුවාගන්නා ලදි.

ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘ උපුලි ගමගේ  සහ කළමනාකරණ අධ්‍යක්ෂ මහින්ද හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන්ගේ සංකල්පයක් මත මෙම නිවුන් ක්‍රිකට් කණ්ඩායම
හඳුන්වා දුන්නේය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ෆාස්ට් රිසයින් ලීග් ආයතනයේ නිර්මාතෘ අනිල් බණ්ඩාර මහහා සහභාගි විය.

ශ්‍රී ලංකා නිවුන් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා නිවුන් කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම යනුවෙන් කණ්ඩායම් දෙකක් මෙහිදී හඳුන්වා දෙන ලදි. තිස්සමහාරාම, දෙනියාය, කෑගල්ල, මාතලේ, කුරුණෑගල ආදී දුෂ්කර ප්‍රදේශ නියෝජනය කරන නිවුන් ක්‍රීඩකයෝ ඊට ඇතුළත් වෙති.

මේ වනවිට සිම්බාබ්වේ, කෙන්යාව හා නයිජීරියාව ආදී රටවල්වලින් ද ශ්‍රී ලංකා නිවුන් ක්‍රිකට් කණ්ඩායම්වලට ඇරයුම් ලැබී ඇති බවත් ඒ තුළින් ශ්‍රී ලංකා නාමය ලොව ඉහළට ගෙන යාම තම අරමුණ බවත් උපුලි ගමගේ මහත්මිය සඳහන් කළාය.


අදහස් (0)

නිවුන් ක්‍රිකට් කණ්ඩායම පිහිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.