Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිකලස් පූරන් වොරියර්ස් පිලට ජය ගෙනෙයි

නිකලස් පූරන් වොරියර්ස් පිලට ජය ගෙනෙයි

editorial - 2019 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි බුල්ස් කණ්ඩායම සහ නදර්න් වොරියර්ස් කණ්ඩායම අතර ඊයේ (19 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට නදර්න් වොරියර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 111 ක ඉලක්කයක් හඹාගිය වොරියර්ස් ක්‍රීඩකයෝ ඕවර 9 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. ආරම්භක පිතිකරු නිකලස් පූරන් පන්දු 25 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 56 ක් රැස්කරමින් වොරියර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ලෙන්ඞ්ල් සිමන්ස් (22) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පූරන් සමත් වූ අතර පන්දු 12 කදී වාර්තා වූ සිමන්ස්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. වේගවත් පිතිහරඹයක නිරත වූ ඔන්ඩි්‍ර රසල් පන්දු 8 කදී ලකුණු 22 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

දක්ෂ පන්දු රැකීමක නිරත වූ කුසල් පෙරේරා, වොරියර්ස් ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව බිඳ දැමූවේ පූරන් දුවද්දී දවාගැනීමකට හසුකර ගනිමිනි. රසල් දැවී ගියේ දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ රවී රාම්පෝල් අතට උඩ පන්දුවක් දෙමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි බුල්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 110 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ නායක ඔයින් මෝගන් පන්දු 28 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 56 ක් රැස්කිරීමට සමත් විය.

ලකුණු 21 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී ඇන්ජලෝ මැතිව්ස් (10) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මෝගන්, දිල්ලි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. මොහොමඞ් නබී හතරේ පහර 2 ක් සමග ලකුණු 10 ක්ද, ඬේවිඞ් විලී හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 12 ක්ද රැස්කරමින් මෝගන්ට අනගි සහායක් දුන්හ.  

ක්‍රිස් ග්‍රීන්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙන් ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ලකුණු 4 කට දැවීගිය අතර ඔන්ඩි්‍ර රසල්ගේ පන්දුවක් හමුවේ සෑම් බිලින්ස් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ඇන්ජලෝ මැතිව්ස් ලබා සිටියේ ලකුණු 10 ක් පමණි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ක්‍රිස් ග්‍රීන් කඩුලු 3 ක් දවාගත්තේ සිය ඕවර 2 ලකුණු 8 කට සීමා කරමිනි. ඔන්ඩි්‍ර රසල් ලකුණු 25 කට කඩුලු 2 ක් දවාගත් අතර එක් ඕවරයක් පමණක් යැවූ අසේල ගුණරත්න, එය ලකුණු 8 කට සීමා කළේය.

දිල්ලි බුල්ස් පිල - ඕවර 10 කදී කඩුලු 6 ක් දැවී 110
(ඔයින් මෝගන් 56, ඇන්ජලෝ මැතිව්ස් 10, මොහොමඞ් නබී 10, ඬේවිඞ් විලී නොදැවී 12, ක්‍රිස් ග්‍රීන් 08/3, ඔන්ඩි්‍ර රසල් 25/2)

නදර්න් වොරියර්ස් පිල - ඕවර 9 කදී කඩුලු 4 ක් දැවී 115
(ලෙන්ඞ් සිමන්ස් 22, නිකලස් පූරන් නොදැවී 56, ඔන්ඩි්‍ර රසල් 22)

-036


අදහස් (0)

නිකලස් පූරන් වොරියර්ස් පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.