Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නැඟීඑන කණ්ඩායම් අ. අ. පූර්ව තරග හෙට සිට

නැඟීඑන කණ්ඩායම් අ. අ. පූර්ව තරග හෙට සිට

editorial - 2019 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ නැඟීඑන කණ්ඩායම් අතර පැවැත්වෙන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (12 වැනිදා) ක්‍රීඩාංගණ 4 කදී ආරම්භ වීමට නියමිතව ඇත. අර්ධ අවසන් පූර්ව වටයේ සිට සියළුම තරග තෙදින තරග ලෙස පැවැත්වේ.

කාණ්ඩ 4 ක් යටතේ කණ්ඩායම් 24 ක් අන්තර් සමාජ නැඟීඑන කණ්ඩායම් අතර තරගාවලියට තරග කළ අතර ඒ ඒ කාණ්ඩයන්හි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

ඒ අනුව ප්‍රසාද ලකුණු 49.475 ක් ලබාගත් නාවික හමුදා කණ්ඩායම සහ එස්.එස්.සී කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයෙන්ද, ප්‍රසාද ලකුණු 41.285 ක් ලබාගත් කෝල්ට්ස් කණ්ඩායම සහ ප්‍රසාද ලකුණු 25.450 ක් ලබාගත් එන්.සී.සී. කණ්ඩායම ‘බී’ කාණ්ඩයෙන්ද, ප්‍රසාද ලකුණු 36.115 ක් ලබාගත් හලාවත මේරියන්ස් කණ්ඩායම සහ ප්‍රසාද ලකුණු 28.675 ක් ලබාගත් ගුවන් හමුදා කණ්ඩායම ‘සී’ කාණ්ඩයෙන්ද, ප්‍රසාද ලකුණු 29.465 ක් සහ ප්‍රසාද ලකුණු 17.435 ක් ලබාගත් යුදහමුදා කණ්ඩායම ‘ඩී’ කාණ්ඩයෙන්ද සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.

මාසයකට වඩා වැඩි කාළයක් පුරාවට වර්ෂාව ඇදහැලීම නිසා තරගාවලියට බාධා ඇතිවීම හේතුවෙන් බොහෝ තරග ප්‍රමාණයක් විසඳුමකින් තොරව අවසන් විය.

අවසන් පූර්ව වටයේ තරග 19 වැනිදා සිට 21 වැනිදා දක්වා කටුනායක මේරියන්ස් සහ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙන අතර අවසන් මහා තරගය 24 වැනිදා සිට 26 වැනිදා දක්වා මොරටුන ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


අර්ධ අවසන් පූර්ව වටයේ තරග (12 වැනිදා සිට 14 දක්වා)

පළමු අර්ධ අවසන් පූර්ව තරගය  - නාවික හමුදාව සහ යුදහමුදාව අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය  - කෝල්ට් සහ ගුවන්හමුදා අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී
තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය  - හලාවත මේරියන්ස් සහ එන්.සී.සී අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය  - ද්‍රවිඩ සංගමය සහ එස්.එස්.සී අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

...


අදහස් (0)

නැඟීඑන කණ්ඩායම් අ. අ. පූර්ව තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.