Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නව පුහුණුකරු අමීර් ඇලජික්

නව පුහුණුකරු අමීර් ඇලජික්

නාමල් පතිරගේ - 2020 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහභාගි වන කටාර් ලෝක කුසලාන (2022) පාපන්දු ආසියානු කලාපීය දෙවැනි වටයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස බොස්නියානු පාපන්දු පුහුණුකරු අමීර් ඇලජික් මහතා පත් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. මෙම තරගය උතුරු කොරියාවට එරෙහිව මාර්තු 26 වැනිදා උතුරු කොරියාවේදී පැවැත්වීමටය නියමිතය.

මෙම තරගය සඳහා සූදානම් වීමට අමීර් මහතා මෙම 10 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය. ජාතික පාපන්දු පුහුණුකරු ධුරයේ දෙවසරක කාලයක් කටයුතු කළ රූමි පකීර් අලි මහතාගේ සේවය ජනවාරි 31 වැනිදා නිමාවට පත්විය.

කෙසේ වෙතත් අමීර් ඇලජික් මහතාගේ උපදේශකත්වය ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින ආකාරය නිරීක්‍ෂණය කරමින් පසුව ජාතික පාපන්දු පුහුණුකරු ධූරය ඔහුට නිල වශයෙන් ප්‍රදානය කිරීමට පාපන්දු සම්මේලනය වැඩිදුරටත් තීරණය කර තිබේ.

මේ අතර හිටපු පුහුණුකරු රූමි පකීර් අලි මහතා තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීම සඳහා පාපන්දු සම්මේලනයෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තාවේ. එහෙත් පාපන්දු සම්මේලනයේ විධායක සභාව ප්‍රතිචාර දක්වා ඇත්තේ පුහුණුකරුවෙකු නොවන වෙන ආකාරයකින් ඔහුගේ සේවය තවදුරටත් පාපන්දු සම්මේලනයට ලබා ගැනීමයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්‍ෂණික අධ්‍යක්‍ෂවරයකු ලෙසත් මීට පෙර කටයුතු කර ඇති රූමි පකීර් අලි මහතාගේ සේවය පාපන්දු සම්මේලනයේ තාක්‍ෂණික කමිටුව සඳහා ලබා ගැනීමට මේ වන විට එම සම්මේලනය අවධානය යොමු කර ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.

ලබන මාර්තු 26 වැනිදා උතුරු කොරියාවේ පියොන්ග් යැන්ග් නුවරදී පැවැත්වෙන ලෝක කුසලාන තරගය පැවැත්වීම මේ වනවිට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පවසයි.

 


අදහස් (0)

නව පුහුණුකරු අමීර් ඇලජික්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.