Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සංවිධානය කරන වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ දෙවැනි වටයට කණ්ඩායම් 40 ක් සුදුසුකම් ලබා සිටිති. තරගාවලියේ පළමු වටය සඳහා කණ්ඩායම් 77 ක් සහභාගී වූ අතර එහිදී එම කණ්ඩායම් කාණ්ඩ 10 ක් යටතේ තරග වැදිණ.
දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් 40, එකකට කණ්ඩායම් 5 බැගින් වූ කාණ්ඩ 8 ක් යටතේ තරග වදින අතර එම කාණ්ඩ අටේ ශූරතා සහ අනුශූරතා දිනාගන්නා කණ්ඩායම් 16 තෙවැනි වටයට සුදුසුකම් ලබාගනු ඇත.
ඉකුත් වසරේදී II කාණ්ඩයේ අවසන් පූර්ව වටය දක්වා පැමිණිමෙන් මේ වසරේදී I කාණ්ඩයෙන් තරග වැදීමට අවස්ථාව උදාකරගත් යාපනය ශාන්ත ජෝන් විදුහලද දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් 40 ට ඇතුළත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.
දෙවැනි වටයේ තරග ලබන 20 වැනිදා ආරම්භ වන අතර ජූලි මස 8 වැනිදා අවසන් වීමට නියමිතය.
‘පී’ කාණ්ඩය -
මොරටුව ශාත්ත සෙබස්තියන් විදුහල, කෝට්ටේ ජනාධිපති විදුහල, කළුතර සිරිකුරුස විදුහල, යාපනය ශාන්ත ජෝන් විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල
‘කිව්’ කාණ්ඩය -
කොළඹ රාජකීය විදුහල, පානදුර ශ්‍රී සුමංගල විදුහල, මීගමුව මාරිස්ටෙලා විදුහල, මහනුවර ධර්මරාජ විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල
‘ආර්’ කාණ්ඩය -
කොළඹ ඉසිපතන විදුහල, මහනුවර ශාන්ත සර්ව්ශස් විදුහල, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල, ගාල්ල ශාන්ත ඇලවීසියස් විදුහල සහ මොරටු විද්‍යාලය
‘එස්’ කාණ්ඩය -
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, කුරුණෑගල මලියදේව විදුහල, ගාල්ල මහින්ද විදුහල, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ කොළඹ ශාන්ත පීතර විදුහල
‘ටී’ කාණ්ඩය -
කොළඹ තර්ස්ටන් විදුහල, මාරවිල ශාන්ත සේවියර් විදුහල, කෑගල්ල ශාන්ත මේරි විදුහල, පානදුර රාජකීය විදුහල සහ කොළඹ නාලන්දා විදුහල
‘යූ’ කාණ්ඩය -
හලාවත ශාන්ත මේරි විදුහල, කොළඹ ශාන්ත ජෝශප් විදුහල, කුරුණෑගල ශාන්ත ආනා විදුහල, කැලණිය ගුරුකුළ විදුහල සහ කොළඹ ආනන්ද විදුහල
‘වී’ කාණ්ඩය -
කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල, මරදාන සහිරා විදුහල, වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල, වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ ගාල්ල
රිච්මන්ඞ් විදුහල
‘ඩබ්ලිව්’ කාණ්ඩය -
මහනුවර ති‍්‍රත්ව විදුහල, අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල, කඳාන ද මැසිනොද් විදුහල, කොළඹ ලූම්බිණි විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.