Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු ආසියානු දැල්පන්දු ශූරතාවලියට යයි

දකුණු ආසියානු දැල්පන්දු ශූරතාවලියට යයි

නාමල් පතිරගේ - 2019 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ ‘කත්මණ්ඩු’ නුවරදී ලබන සිකුරාදා (18) ආරම්භ වන පළමු දකුණු ආසියානු (වයස 16න් පහළ) දැල්පන්දු ශූරතා  තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (17) පාන්දර දිවයිනෙන් පිටත්ව යයි. දකුණු ආසියානු කලාපයේ කනිෂ්ඨ ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

තරගාවලිය සඳහා නෙත්මි විජේනායකගේ නායකත්වයෙන් යුත් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සඳහා පමණක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මුල්‍යමය අනුග්‍රහයක් ප්‍රදානය වී තිබේ.

මෙම තරගාවලිය මෙම 22 වැනිදා දක්වා කත්මන්ඩු නුවරදී පැවැත්වෙන අතර ඒ සඳහා කලාපයේ රටවල් බහුතරයකින්  කණ්ඩායම් ඉදිරිපත් කර තිබේ. සංචාරක කණ්ඩායමට නිලධාරිනියන් හා නිලධාරීන් අට දෙනෙක් ඇතුළත් වෙති.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්‍ෂ්මි වික්ටෝරියා මහත්මිය ලංකාදීපයට පැවසුවේ සාග් ක්‍රීඩා උළෙල සඳහා ඉදිරියේදී දැල්පන්දු  ක්‍රීඩාව හඳුන්වාදීමේ සූදානමක් පවතින බැවින් ඊට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය සූදානම් කළ බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් ඉදිරිපත්  කිරීමටත් උනන්දු වී  සිටි බවයි. වික්ටෝරියා මහත්මිය මේ වනවිට ආසියානු දැල්පන්දු සම්මේලනයේ නියෝජ්‍ය සභාපතිනිය ලෙසත් කටයුතු කරයි.

වසර ගණනාවක් පුරා සමස්ත ලංකා පාසල් දැල්පන්දු තරග මාලාවේ ශූරතාව දිනා  ගත් කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ දැල්පන්දු පුහුණුකාරිනී අමල්කා ගුණතිලක මහත්මිය  සංචාරක ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම් ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස කටයුතු  කරයි.

 නායිකා නෙත්මි විජේනායක පැවැති (2019) සමස්ත ලංකා මයිලෝ කුසලාන දැල්පන්දු තරග මාලාවේ වයස 16න් පහළ කාණ්ඩයේ දක්‍ෂතම ක්‍රීඩිකාවට සම්මාන දිනා ගත් ක්‍රීඩිකාවයි.

 


සංචාරක  ශ්‍රී ලංකා වයස 16න් පහළ දැල්පන්දු කණ්ඩායම.

නෙත්මි විජේනායක (නායිකා- මියුසියස් විදුහල), රසිනි සෙව්වන්දි (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය), රම්දි චමෝද්‍යා (කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය), නතාෂා ඩයස් (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය), හිරුණි හේෂානි (උප නායිකා- කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය), දිෂරි අදීෂා  (කළුතර බාලිකා), සෙනුනි දිලන්කා (කළුතර බාලිකා), ටී.ජී.ආර්.ඒ. තිලකරත්න (දෙහිවල ෆ්‍රෙස්බෙටේරියන් විදුහල), ජිනලි බාලසූරිය (කුරුණෑගල මාලියදේව බාලිකා), මහීෂා බණ්ඩාර (මහනුවර උසස් බාලිකා), රන්දුලි ගාවින්යා (මියුසියස් විදුහල), කරීෂ්මි දිනේසා (කළුතර ශුද්ධ වූ පවුලේ බාලිකා).

නිලධාරීන්: කණ්ඩායම් භාර නිලධාරිනි ශිරෝමි කුරුප්පු, පුහුණුකාරිනි- අමල්කා ගුණතිලක, කළමනාකාරිනී - ශ්‍රියානි පුෂ්පලතා, කණ්ඩායම් නිලධාරිනී - රංජිනි හේරත්. තරගාවලියේ විනිසුරුවරියන්- ශිරන්ති ප්‍රසාදිකා රාජපක්‍ෂ, ටෙක්ලා ප්‍රියදර්ශනි,  පාසල් දැල්පන්දු සංගමයේ නියෝජිත ගංගා උස්වත්ත යන මහත්මීන්.

සංචාරක ශ්‍රී ලංකා වයස 16න් පහළ දැල්පන්දු කණ්ඩායම ක්‍රීඩා  අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, ක්‍රීඩා  අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල, ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමයේ සභාපතිනි අනෝමා අබේරත්න, ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපතිනි ලක්‍ෂ්මි වික්ටෝරියා  යන මහත්ම මහත්මීන් සමග.  

 


අදහස් (0)

දකුණු ආසියානු දැල්පන්දු ශූරතාවලියට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.