Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩී.එස්. - වෙස්ලි තරගය ජය පැරදුමෙන් තොරයි

ඩී.එස්. - වෙස්ලි තරගය ජය පැරදුමෙන් තොරයි

editorial - 2019 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය.

එහිදී වෙස්ලි විදුහලේ මනුක් සමරකෝන් ලකුණු 35 ක් රැස්කරමින් සහ ලකුණු 12 කට කඩුලු 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.


ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 38.4 කදී සියලු දෙනා දැවී 104
(සංදීප බණ්ඩාරනායක 25, චනුල් අල්විස් 24, මනුක් සමරකෝන් 12/3, එම්. අබ්දුල්ලා 23/3)

වෙස්ලි විදුහල් පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 8 ක් දැවී 99  
(මනුක් සමරකෝන් 35, එරාන් පෙරේරා 22, දිලාෂ් කුමාරනායක 15/2, ශාක්‍යරාජ් වර්ජන් 31/2)

-036

 


අදහස් (0)

ඩී.එස්. - වෙස්ලි තරගය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.