Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩී.එස්.අයි. තරගාවලිය නව මුහුණුවරකින්

ඩී.එස්.අයි. තරගාවලිය නව මුහුණුවරකින්

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කණ්ඩායම් 4000 කගේ පමණ සහභාගීත්වය අපේක්ෂා කරන අන්තර් පාසල් ඩී.එස්.අයි. සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරග මාලාව මෙවර නව ආරකින් පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පියවර ගෙන තිබේ.

මෙවර තරග මාලාව සඳහා කණ්ඩායම් වෙතින් අයැදුම්පත් බාර ගැනීම දැන් ආරම්භ කර තිබේ. එහිදී වයස 11න් පහළ කාණ්ඩයේ තරගද මෙවර තරගකාරී මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  වයස 11න් පහළ හා 13න් පහළ ක්‍රීඩා ඉසව් තරගාවලි ලෙස සංවිධානය කිරීම අත්හිටුවමින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් පනවා තිබූ නියෝගය මේ වනවිට කොන්දේසි සහිතව ඉවත් කර තිබේ.

හයවැනි ශ්‍රේණියෙන් ඉහළ සියලු වයස් කාණ්ඩයන් සඳහා ක්‍රීඩා තරගාවලි පැවැත්වීම සඳහා මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය දී තිබේ. ඒ අනුව මෙවර වයස 11 න් පහළ තරගාවලිය පැවැත්වීමේදී විශේෂත්වය වන්නේ කණ්ඩායමක් සඳහා නිර්දේශ කෙරෙන ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් 12 දෙනාටම තරග වැදීමේ අවස්ථාව හිමිවීමයි.

තරගයක් පැවැත්වෙන විට ලකුණු පහක් බැගින් වාර්තා වන සෑම අවස්ථාවකදීම දෙපිලේ ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් මාරු කෙරේ. එම අවස්ථාවේදී ක්‍රීඩා කරමින් සිටින දෙපිලේ ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් හයදෙනාම ඉවත්ව ඒ වෙනුවට කණ්ඩායම් දෙකේ සෙසු නිර්දේශිත ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් හයදෙනාට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවේ.

සහභාගී වන ලාබාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලුම දෙනාට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදීමෙන් වොලිබෝල් ක්‍රීඩාව කෙරෙහි පවතින ඔවුන්ගේ උනන්දුව ඉහළ දැමීම එම තරග ක්‍රමයේ අරමුණ බව වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි.

වයස 11න් පහළ, වයස 13 න් පහළ, වයස 15න් පහළ, 17න් පහළ හා 19න් පහළ පරිදි බාලක හා බාලිකා වයස් කාණ්ඩ පහකින් සංවිධානය කෙරෙන මෙවර තරග මාලාවේ ශූරතාලාභී කණ්ඩායම් සඳහා රුපියල් ලක්ෂයේ සිට ප්‍රදානය කිරීමට අනුග්‍රාහක ඩී.එස්.අයි. පාවහන් ආයතනය කටයුතු යොදා තිබේ. දිස්ත්‍රික් හ ජාතික යන ප්‍රධාන අදියර දෙකකින් තරගාවලිය සංවිධානය කෙරේ.

දිස්ත්‍රික් තරග වටය ලබන අප්‍රේල් 27 වැනිදා සිට මැයි 5 වැනිදා දක්වා පැවැත්වේ. ජාතික මට්ටමේ තරග ජුලි 1 වැනිදා සිට 7 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. අවසන් මහ තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන ජුලි 27 සහ 28 දෙදින කොළඹ සුගතදාස පිටියේදීය.

අයැදුම්පත් බාරගැනීම ලබන මාර්තු 29 වැනිදා දක්වා සිදුකෙරේ. තරග අයැදුම් පත්‍රිකා පාසල්වලට බෙදාදී තිබෙන අතර, දිවයින පුරා පිහිටි ඩී.එස්.අයි. පාවහන් ප්‍රදර්ශනාගාර වෙතින් ද එම පත්‍රිකා ලබාගත හැකිය.
අයැදුම්පත් යොමුව ද ඒ ඔස්සේ සිදු කළ හැකි අතර, ප්‍රධාන යොමුව “ඩී.එස්.අයි. අලෙවි අංශය, අංක 257, හයිලෙවල් පාර, නාවින්න, මහරගම” යන ලිපිනය වෙත සිදු කළ හැකිය. මෙම තරග මාලාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය හිමිව තිබේ.


අන්තර් පාසල් ඩී.එස්.අයි. සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරග මාලාවට 19 වැනි වරටත් අනුග්‍රහය දක්වන ඩී. සැම්සන් සහ පුත්‍රයෝ සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා වෙත අනුග්‍රහය නිල වශයෙන් ප්‍රදානය කළ අයුරු. එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර (අලෙවි) උපේන්ද්‍ර පෙරේරා, අධ්‍යක්ෂිකා (වෙළෙඳ) කෞශල්‍යා පෙරේරා, වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක, එහි උපසභාපති කංචන ජයරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ උපදේශක (ක්‍රීඩා) සුනිල් ජයවීර සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ අතුල විජේවර්ධන යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.

 


අදහස් (0)

ඩී.එස්.අයි. තරගාවලිය නව මුහුණුවරකින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.