Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩිල්ෂාන්ට පැනවූ වාරණයට එරෙහිව අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

ඩිල්ෂාන්ට පැනවූ වාරණයට එරෙහිව අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

යොහාන් භාසුර - 2019 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතාට එම ධූරයේ කටයුතු කිරීම අත්හිටුවමින් එම සංගමයේ සභාපති ඔෂාර පණ්ඩිතරත්න මහතා විසින් පනවා තිබූ තහනමට එරෙහිව කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අතුරු තහනම් නියෝගයක් පනවා තිබේ. ඩිල්ෂාන් ද සිල්වා මහතා එම තහනමට පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති ඔෂාර පණ්ඩිතරත්න මහතා සහ උප සභාපතිවරු අට දෙනකු ඇතුළු පුද්ගලයන් නව දෙනකුට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

ඩිල්ෂාන් ද සිල්වා මහතාට පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට විත්තිකරුවන්ගෙන් ඇති වන බාධා, පසුගිය අගෝස්තු මස 22 වැනිදා සභාපතිවරයා විසින් ඉදිරිපත්කරන ලද ලිපිය මගින් ලේකම් ධූරයේ කටයුතු කිරීම තහනම් කිරීම සහ පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා ලෙස ඒ මහතා මාසිකව ලබන ප්‍රවාහන දීමනාව අත්හිටුවීම යන කරුණු තුන වළක්වාලමින් අධිකරණය දින 14 කට බලපාන ආකාරයෙන් වාරණ ආඥාාවක් පැනවීය.

පාසල් ක්‍රිකට් සංගමයේ විනය කමිටුවට මහ සභාවෙන් පත්වූ නිලධාරියකුට එරෙහිව පියවර ගත නොහැකි බවට සහ පාසල් ක්‍රිකට් සංගමයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු මත මෙම අතුරු තහනම් නියෝගය පැනවූ බව අධිකරණය සඳහන් කරයි.  

වාරණ ආඥාාවන්, අතුරු තහනම් නියෝග දැන්වීම් සහ සිතාසි විත්තිකරුවන් වෙතට නිකුත් කිරීමට ද අධිකරණය වැඩි දුරටත් නියෝග කළේය.  මෙම නඩුව කොළඹ දිසා අධිකරණයේදී නැවත මේ මස 25 වැනිදා කැඳවීමට නියමිතය.

පැමිණිළිකරු වෙනුවෙන් නීතිඥා ගංඟා ලිවේරා මහත්මියගේ උපදෙස් මත නීතිඥා හිලරි ලිවේරා මහතා අධිකරණයේ පෙනී සිටියේය.    
 


අදහස් (0)

ඩිල්ෂාන්ට පැනවූ වාරණයට එරෙහිව අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.