Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩයලොග් දැල්පන්දු තරග 7-8

ඩයලොග් දැල්පන්දු තරග 7-8

editorial - 2021 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමෙන්තුව එක්ව සංවිධානය කරන ‘ඩයලොග් දැල්පන්දු නැගෙන තරු 2021’ තරගාවලිය මේ මස 7 සහ 8 යන දිනවල කොළඹ ටොරින්ටන් පිටියේදී පැවැත්වේ. දිවයිනේ පළාත් 9 නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 150 කගෙන් සමන්විත කණ්ඩායම් 9 ක් තරග වදින මෙම තරගාවලයේ අවසාන මහා තරගය මේ මස 8 වැනිදා පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලියේ මූලික තරග ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වේ. තෙවැනි ස්ථානය තේරීමේ තරගය සහ අවසන් මහා තරගය කාර්තු 4 කින් යුත් මිනිත්තු 40 ක තරග වශයෙන් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජාතික දැල්පන්දු කණ්ඩායම ඉකුත් වසර කිහිපයේදී පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කළ අතර ඒ අනුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි 18 වැනි තැනට සහ ආසියානු ශ්‍රේණිගත කිරීම්හි පළමු තැනට පැමිණීමට සමත්ව සිටියි.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙසද කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, රග්බි සමාජ, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසැල් ක්‍රිකට් හා පාසල් රග්බි තරග, යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය සහ ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමටද ඩයලොග් ආසිආටා කටයුතු කර ඇත.

 

ඡායාරූපය (වමේ සිට)
පද්මා සිරිවර්ධන (අධ්‍යක්ෂ - පාලන - ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව), අමල් එදිරිසූරිය (අධ්‍යක්ෂ ජනරාල් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව), අනුරාධ විජේකෝන් (ලේකම් තරුණ සහ ක්‍රීඩා අමාත්‍යංශය), අශානි සේනාරත්න (අලෙවි ප්‍රධානි - සන්නාම කළමනාකරණ - ඩයලොග් ආසිආටා  පුද්ගලික සමාගම), ලක්ෂ්මි වික්ටෝරියා (සභාපති - දැල් පන්දු සම්මේලනය)     


-036

 


අදහස් (0)

ඩයලොග් දැල්පන්දු තරග 7-8

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.