Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික සංචිතයට ක්‍රීඩිකාවන් තේරීම 28 දා

ජාතික සංචිතයට ක්‍රීඩිකාවන් තේරීම 28 දා

Nisanka Sandeepani - 2018 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේ (2019) මාර්තු මස නේපාලයේදී පැවැත්වෙන දකුණු ආසියානු උළෙලේ වොලිබෝල් තරගාවලිය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා ජාතික කාන්තා සංචිතයට ක්‍රීඩිකාවන් තේරීමේ මුලික පරීක්ෂණය මේ මස 28 වැනිදා පෙරවරු 8.30 සිට ක්‍රීඩා අමාත්‍යංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

ඊට සමගාමීව ආසියානු අවුරුදු 23 න් පහළ කාන්තා තරගාවලිය ඉලක්ක කරගෙන අවුරුදු 23 න් පහළ කාන්තා සංචිතය තේරීමද සිදුකෙරේ. අවුරුදු 23 න් පහළ කාන්තා සාචිතය තේරීමේ පරීක්ෂණය සඳහා සහභාගී විය හැක්කේ 1997 ජනවාරි මස 1 වැනිදා හෝ ඉන්පසු උපන් ක්‍රීඩිකාවන්ට පමණි. 

මෙම තේරීම් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට කැමති ක්‍රීඩිකාවන්ට 28 වැනිදා පෙරවරු 8.00 වන විට ඉහත ක්‍රීඩාංගණයට වාර්තා කරන ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දන්වා සිටියි. 

තේරීම් පරීක්ෂණ පිළිබඳ වැඩිදුර තොරතුරු 011-2669344 දුරකතන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය. 

-036 


අදහස් (0)

ජාතික සංචිතයට ක්‍රීඩිකාවන් තේරීම 28 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.