Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නාත්තන්ඩිය ධම්මිස්සර මැදි විදුහල් පිටියේදී පැවැත්වෙන ඩී.එස්.අයි. අන්තර් පාසල් වොලිබෝල් තරග මාලාවේ ජාතික වටයේ වයස 11 න් පහළ හා 13න් පහළ (බාලක/බාලිකා) තරග දින කීපයකින් කල් දැමූ බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි. වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
තරගාවලියේ ජාතික මට්ටමේ තරග ලබන ඔක්තෝබර් 2-3 දිනවලදී මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී පැවැත්වීමට දැන් තීරණය වී තිබේ. හෙට අනිද්දා (25-26) මෙම තරග වටය පැවැත්වීමට කලින් කටයුතු යොදා තිබුණි.
කෙසේ වුවත් තරග මාලාවේ සෙසු වයස් කාණ්ඩ ජාතික තරග වට කලින් ප්‍රකාශ වූ දිනවලදීම පැවැත්වෙන බව වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.