Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික කනිෂ්ඨ ශූරතා දිනති

ජාතික කනිෂ්ඨ ශූරතා දිනති

editorial - 2019 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය සංවිධානය කළ ජාතික කනිෂ්ඨ ජිම්නාස්ටික් තරගාවලියේ (2019) බාලක ශූරතාව ෆ්‍රෙන්ඞ්ෂිප් ක්‍රීඩා සමාජය ද, බාලිකා ශූරතාව මාතර දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමය ද, දිනාගැනීමට සමත්විය.   මෙම තරගාවලිය පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

බාලක ශූරතාව දිනූ ෆ්‍රෙන්ඞ්ෂිප් ක්‍රීඩා සමාජය ලකුණු 69 ක් ද, අනු ශූරතාව හිමිකරගත් මහනුවර දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමය ලකුණු 50 ක් ද, තෙවැනි ස්ථානයට පත්වූ ගාල්ල දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමය ලකුණු 32 ක් ද ලබාගත්තේය.

බාලිකා ශූරතාව දිනූ මාතර දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමය ලකුණු 37 ක් ද, අනු ශූරතාව හිමිකරගත් ගාල්ල දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමය ලකුණු 32 ක් ද, ලබාගැනීමට සමත්විය. ලකුණු 18 බැගින් හිමිකරගත් මහනුවර දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමය සහ කීන් ජිම්නාස්ටික් සංගමය සම තෙවැනි ස්ථානය හිමිකරගත්තේය.

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ සභාපති සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතාගේ අධීක්‍ෂණයෙන් සංවිධානය කළ මෙම තරගාවලියේ ජයසංකේත ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස මාලදිවයින් හිටපු ජනාධිපතිවරයාගේ උපදේශක අසේල වික්‍රමසිංහ මහතා සහභාගි විය.



මාලදිවයින් හිටපු ජනාධිපතිවරයාගේ උපදේශක අසේල වික්‍රමසිංහ මහතා විසින් ෆ්‍රෙන්ඞ්ෂිප් ක්‍රීඩා සමාජයීය ක්‍රීඩකයන්ට ශූරතා කුසලාන පිරිනමන ලද අවස්ථාව. ජිම්නාස්ටික් සංගමයේ සභාපති සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතා ද මෙහි සිටියි.

 

මාලදිවයින් හිටපු ජනාධිපතිවරයාගේ උපදේශක අසේල වික්‍රමසිංහ මහතා විසින් මාතර දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගම් ක්‍රීඩිකාවන්ට ශූරතා කුසලාන පිරිනමන ලද අවස්ථාව..

(ඡායාරූප: චතුර එස්. කොඩිකාර)  

- 048


අදහස් (0)

ජාතික කනිෂ්ඨ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.