Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ක්‍රීඩා දිනය හෙට කැළණිය විශ්වවිද්‍යාලයේදී

ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ක්‍රීඩා දිනය හෙට කැළණිය විශ්වවිද්‍යාලයේදී

editorial - 2020 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

ගෝලීය සැමරුම් දිනයක් ලෙස යුනෙස්කොව විසින් නම් කරන ලද ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ක්‍රීඩා දිනය ශ්‍රී ලාංකාවේ විශ්වවිද්‍යාල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් හෙට (20 වැනිදා) කැළණීය විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ.  හෙට පෙරවරු 8.00 සිට පස්වරු 4. 30 දක්වා පැවැත්වෙන වැඩසටහන් මාලාව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමය හා  කැලණිය විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරයි.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මහත්මිය සහභාගි වෙයි. විශේෂ ආරාධිතයා ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සහභාගීවේ.

විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ සභාපති නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය චන්ද්‍රකාන්තා මහේන්ද්‍රනාදන් මහත්මිය  ඇතුලු විශ්වවිද්‍යාල ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂවරු, ශාරීරික අධ්‍යාපන උපදේශකවරු, විශ්වවිද්‍යාල ක්‍රීඩා උපදේශක  මණ්ඩලයන්හි සභාපතිවරු, විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ශිෂ්‍ය නියෝජිතවරු මෙම විශේෂ වැඩසටහනට සහභාගීවීමට නියමිතය.


අදහස් (0)

ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ක්‍රීඩා දිනය හෙට කැළණිය විශ්වවිද්‍යාලයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.