Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ක්‍රිස්ටෝපර් දඹරගේ)
සාන්ත තෝමස් විදුහල හමුවේ මුලින් මුහුණ දුන් අපහසුතාව මනාව පාලනය කරගත් මරදාන ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ ගල්කිස්සේදී අද (8 වැනිදා) පැවැති අන්තර් පාසල් රග්බි තරගයෙන් ලකුණු 22-10 ක පහසු ජයක් වාර්තා කරමින් පිට පිටම තුන්වැනි වතාවටත් ජයතිලක ආර්යා කුසලානය තමන් සතුකරගත්හ.
තරගයේ පළමු අර්ධයේදී ලකුණු 12-5 ක් ලෙසින් ඉදිරියෙන් සිටි ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් 3 කින් සහ ගෝලයකින් ලකුණු ලබාගත්හ. සාන්ත තෝමස් පිලට ලකුණු ලැබුණේ උත්සාහක දිනුම් දෙකකින් පමණි.
තරගය ආරම්භයේදීම සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් උත්සාහක දිනුමක් තැබීමට ෂෙහාන් රාජපක්‍ෂ සමත් වූ නමුත් විවේකයට පෙර ඊට වඩා යමක් කිරීමට තෝමසුවෝ අසමත් වූහ.
ෂෙවාන් ග්‍රෙගරි විසින් තබන ලද උත්සාහක දිනුමට සන්තුෂ් අල්ගම අතිරේක ලකුණු එකතු කිරීමෙන් එය ගෝලයක් විය. එතැන් සිට ආපසු නොබැලූ ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ තරගය පුරා සිය ආධිපත්‍යය පැතිරවූහ.
විවේක කාලයට පෙර රෙෂාන් ගුණවර්ධන තවත් උත්සාහක දිනුමක් තැබීය. විවේක කාලයෙන් පසුව තවත් උත්සාහක දිනුම් දෙකක් තැබූ ගුණවර්ධන අද තරගයේදී උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සම්පූර්ණ කළේ ආරක්‍ෂක ක්‍රීඩකයකු ලෙසින්ද සාර්ථක දස්කම් පෙන්වමිනි.
තරගය අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබියදී සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් ෂෙනුක ප්‍රනාන්දු ලබාගත් උත්සාහක දිනුම ගල්කිස්සේ සිසුන්ට සැනසිල්ලක් පමණක් විය.
මෙම ජයත් සමගින් ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේදී තමන්ගේ අපරාජිත වාර්තාවද ආරක්‍ෂා කරගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.