Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චැටෝග්‍රෑම් පිලට අවසන් තරගය අහිමි වෙයි

චැටෝග්‍රෑම් පිලට අවසන් තරගය අහිමි වෙයි

editorial - 2020 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති දෙවැනි සුදුසුකම් ලබාගැනීමේ තරගයේදී අසේල ගුණරත්න ක්‍රීඩා කරන චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට රාජෂාහි රෝයල්ස් කණ්ඩාම සමත් විය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය ඩකා රෝයල්ස් කණ්ඩායම ඕවර 19.2 අවසානයේ කඩුලු 8 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඔන්ඩි්‍ර රසල් පන්දු 22 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 54 ක් රැස්කරමින් රෝයල්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

මුල් කඩුලු 2 ලකුණු 14 ක් තුළ බිඳවැටී අසීරු තත්වයකට පත්ව තිබූ රෝයල්ස් කණ්ඩායම එම තත්වයෙන් මුදවාගත් ඉර්ෆාන් සකුර් පන්දු 42 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 45 ක් රැස්කළේය. ෂොයිබ් මලික් (14) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු  46 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සකුර් සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 164 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් පන්දු 24 කදී ලකුණු 60 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි.

නායක මහමදුල්ලා රියාද් (33) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ගේල් සමත් වූ අතර පන්දු 18 කදී වාර්තා වූ මහමදුල්ලාගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි අසේල ගුණරත්න පන්දු 25 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 31 ක් රැස්කළේය.


චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 164
(ක්‍රිස් ගේල් 60, මහමදුල්ලා රියාද් 33, අසේල ගුණරත්න 31, මොහොමඞ් නවාස් 13/2, මොහොමඞ් ඉර්ෆාන් 16/2)

රාජෂාහි රෝයල්ස් පිල - ඕවර 19.2 කදී කඩුලු 8 ක් දැවී 165
(ඉර්ෆාන් සකුර් 45, ෂොයිබ් මලික් 14, ඔන්ඩි්‍ර රසල් නොදැවී 54, මොහොමඞ් නවාස් 14, රුබෙල් හොසේන් 32/2, රයද් එම්රිට් 41/2)


-036

 


අදහස් (0)

චැටෝග්‍රෑම් පිලට අවසන් තරගය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.