Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගෙදර වැඩ කරගන්න බැරිව පිටරට වැඩ කරන්නේ කොහොමද?

ගෙදර වැඩ කරගන්න බැරිව පිටරට වැඩ කරන්නේ කොහොමද?

editorial - 2021 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තමන්ගේ වගකීම ඇත්තේ ශ්‍රී ලංකාවට නොව ජාත්‍යන්තරයට බව පුන පුනා ප්‍රකාශ කරන ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ක්‍රීඩා පරිපාලන කමිටුවක ඉහළ පෙළේ නිලධාරියකු මෑතකදී ඉල්ලා අස්වූයේය. එහෙත් ඔහුගේ ඉල්ලා අස්වීමේ පුවත පිටුපස ඇත්තේ වෙනත් කතාවක් බව අභ්‍යන්තරයෙන් එන ආරංචිමාර්ග සඳහන් කරයි.

ගනුදෙනු හා වියදම් බාරව සිටින මෙම ඉහළ පෙළේ නිලධාරියා හිටි හැටියේම කමිටුවෙන් ඉල්ලා අස්වී ගිය බව ප්‍රචාරය වුවත්, ඇත්ත තත්ත්වය නම් සිදුවූයේ ඔහු ධුරයෙන් ඉවත් කිරීමට පෙර ගෞරවනීය ලෙස ඉල්ලා අස්වීමට සැලැස්වීම බව එහිදී දැනගන්නට ඇත.

මෙම නිලධාරියා කටයුතු කළ ජාතික ක්‍රීඩා සංගමයේදී ඔහු දැඩි අපකීර්තියට ලක්ව තිබේ. එබැවින් එල්ල විය හැකි අපවාදවලින් ගැලවීම සඳහා ඔහුට ඉල්ලා අස්වීමට බලපෑම් කළ බව වැඩිදුරටත් දැනගන්නට ඇත.

‘‘තමන්ගේ ක්‍රීඩා සංගමයේ තනතුරේ හරියට වැඩ කරන්න බැරි මිනිහා කොහොමද මේ වගේ ක්‍රීඩා සංගම් ගණනාවකට වගකියන තැනක තියාගන්නේ’’ යයි ඔහුගෙන්ම ප්‍රශ්න කරන්නට පරන් ගත් බවත්, එම සිදුවීම ගැන වැඩිදුරටත් තොරතුරු දන්නෝ පවසති.


අදහස් (0)

ගෙදර වැඩ කරගන්න බැරිව පිටරට වැඩ කරන්නේ කොහොමද?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.