Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරග 22 වැනිදා

ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරග 22 වැනිදා

editorial - 2020 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ‘ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස්’ මගින් 8 වැනි වරටත් සංවිධානය කරනු ලබන ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය මේ මස 22 වැනිදා ත්‍රිකුණාමලය වරාය නගරයට සමීපව පිහිටි චීන වරාය ගුවන් හමුදා කඳවුරු ගොල්ෆ් ක්‍රිඩාංගණයේදී පැවැත්වේ.

මෙවර තරගාවලිය සඳහා දේශීය සහ විදේශීය ගෝල්ෆ් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 70 කට අධික ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතය.

තරගාවලියේ ජයග්‍රාහකයා සහ ජයග්‍රාහිකාව ගුවන් හමුදාපති කුසලානට හිමිකම් කියන අතර තරගාවලියේ දක්‍ෂතම ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයාට සහ ක්‍රිඩිකාවට එයාර් මාර්ෂල් සුමංගල ඩයස් අභියෝග කුසලාන පිරිනැමේ.

එම කුසලානවලට අමතරව දීර්ඝතම පහර, සිදුර ආසන්නයටම එල්ල කරන ලද පහර, තෝරාගන්නා සිදුරු 4 ක් සඳහා වැයකරනු ලබන අවම පහර සංඛ්‍යාව, කණ්ඩායමක් එක් සිදුරක් අවසන් කිරීම සඳහා ගතකරනු ලබව අවම කාලය සඳහාද එහිදී ත්‍යාග පිරිනැමීමට නියමිතය.

තරගාවලියේ ත්‍යාග සහ කුසලාන ප්‍රදානෝත්සවය 22 වැනිදා රාත්‍රියේදී ත්‍රිකුණාමලය, චීන වරාය ආසන්නයේ පිහිටි ‘බේ වීව්’ හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

-036

 


අදහස් (0)

ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරග 22 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.